පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ. සාවුල් ද ඉශ්රායෙල් ජනයා ද එක් රැස් ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳගෙන පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධය සඳහා සැරසී සිටියහ. පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි. ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය. ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පනස්හතක් පමණ බර ය. ඔහුගේ පාදවල ලෝකඩ වැසුම් තිබිණි. ඔහුගේ උරහිස මත කුඩා ලෝකඩ හෙල්ලයක් එල්ලාගෙන සිටියේ ය. ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය. ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය. තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ. දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය. ජෙස්සේගේ වැඩිමහල් පුත්‍රයෝ තුන් දෙනා සාවුල් අනුව යුද්ධයට ගියහ. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ නාම මෙසේ ය; කුලුඳුලා එලියාබ් ය, දෙවැනියා අබිනාදාබ් ය. තුන්වැනියා ෂම්මා ය. දාවිත් සියල්ලන්ට ම බාලයා ය. වැඩිමහල් තිදෙනා සාවුල් සමඟ නැවතී සිටියහ. දාවිත් වනාහි බෙත්ලෙහෙම්හි තමාගේ බැටළුවන් බලා ගන්න පිණිස සාවුල් වෙතින් ඔබමොබ ගියේ ය. ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය. දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, “මේ විළඳවලින් කිලෝග්‍රෑම් දහයක් ද මේ රොටි දසය ද රැගෙන කඳවුරේ සිටින ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඒවා ඔවුන්ට දෙන්න; ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී සාවුල් ද දාවිත්ගේ සහෝදරයෝ ද ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ද ඒලා නම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන් කරමින් සිටියහ.
1 සාමුවෙල් 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 17:1-19
3 Days
In this 3-day reading plan by Rev. Samuel Rodriguez, you will learn to push aside doubt, anxiety, and worry and to continue praising God even in the midst of uncomfortable circumstances.
5 Days
Fear. It drives so much of the world around us but God tells us that something else should drive us instead of fear. The Fearless Bible study gives us powerful Scriptural reminders of how and why not fear.
When we approach God with our dreams and desires, we often focus on what we don’t have. We tell Him we could do more if He’d give us more skills or resources. We compare what we’ve been given to the gifts of others. And often, our patient Father responds with an unexpected question: What’s in your hands?
We regularly forget about the journey between our beginnings and endings. However, God orchestrated the journey for a purpose. In this plan, we'll read about five different journeys that may have been tough, but glorified God. Through this, you'll learn how to trust and praise God in the middle of your path.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ