1 සාමුවෙල් 15:24-31

1 සාමුවෙල් 15:24-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට සාමුවෙල් ඇමතූ සාවුල්, “මා පව් කළා. ස්වාමින්වහන්සේගේ ආඥාවත්, ඔබේ වචනත් මා කඩ කළා. ජනතාවට බියෙන්, මා ඔවුන්ගේ කැමැත්තට ඉඩ දුන්නා. එබැවින් දැන් මගේ පාපයට කමා වී, ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට මට හැකි වන පිණිස, මා සමඟ ආපසු එන ලෙසට උදක් ම ඉල්ලා සිටිනවා” යි කීවේ ය. එහෙත් සාමුවෙල්, සාවුල්ට කතා කරමින්, “මා ඔබ සමඟ ආපසු යන්නේ නෑ. ඔබ, ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කර ඇත. ඉශ්‍රායෙල් කෙරෙහි රජකමින් ස්වාමින්වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කර ඇතැ” යි පැවසී ය. සාමුවෙල් ඉවත් ව යන්නට හැරෙද්දී, සාවුල් ඔහුගේ ලෝගුවේ වාටියෙන් අල්ලා ගත්තේ ය. එවිට එය ඉරී ගියේ ය. එවිට සාමුවෙල් ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් රාජ්‍යය අද දවසේ ඔබගෙන් ඉරා, ඔබේ අසල්වැසියකුට, ඔබට වඩා හොඳ කෙනකුට දී ඇත. ඉශ්‍රායෙල්හි තේජෝමහිමයාණෝ බොරු නො කියන සේක; ස්වකීය අදහස ගැන නො තැවෙන සේක. මන්ද තැවෙන්නට උන්වහන්සේ මිනිසකු නො වේ යැ” යි පැවසී ය. සාවුල් කතා කරමින්, “මම පව් කළෙමි. එහෙත් කරුණාකර මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේත්, ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේත් මට ගෞරවය දෙන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට, මට හැකි වන පිණිස, මා සමඟ ආපසු යෑමට එන්නැ” යි ඉල්ලී ය. එබැවින් සාමුවෙල්, ආපසු හැරී සාවුල් සමඟ ගියේ ය. සාවුල් ස්වාමින්වහන්සේට නමස්කාර කළේ ය.

1 සාමුවෙල් 15:24-31 Sinhala Revised Old Version (SROV)

සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි. එහෙත් ඔබ දැන් මගේ පාපයට කමාවී, මා විසින් ස්වාමීන්වහන්සේට නමස්කාර කරන පිණිස මා සමඟ හැරී අව මැනවැයි සාමුවෙල්ට කීවේය. මම නුඹ සමඟ හැරී නොඑමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේ ද ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටීමෙන් නුඹ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය. සාමුවෙල් යන්ට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේය, එවිට ඒක ඉරුණේය. සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල් රජකම නුඹෙන් පැහැරගෙන නුඹට වඩා යහපත්වූ නුඹේ අසල්වාසියෙකුට දී තිබේ. ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය. එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී අවමැනවැයි කීවේය. එවිට සාමුවෙල් හැරී සාවුල් සමඟ ගියේය; සාවුල්ද ස්වාමීන්වහන්සේට නමස්කාරකෙළේය.

1 සාමුවෙල් 15:24-31 Sinhala New Revised Version (NRSV)

සාවුල් සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි. මන්ද, මම සෙනඟට බිය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් සමිඳාණන් වහන්සේගේ ආඥාව ද ඔබේ වචන ද කඩ කෙළෙමි. එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය. සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය. සාමුවෙල් යන්නට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේ ය. එවිට ඒ සළුව ඉරුණේ ය. සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ. ඉශ්රායෙල්හි පරාක්‍රමයාණෝ බොරු නොකියන සේක. අධිෂ්ඨාන කරගත් දේ වෙනස් නොකරන සේක. උන් වහන්සේ මනුෂ්‍යයෙකු නොවන බැවින් සිතූ දේ වෙනස් නොකරන සේකැ”යි කීවේ ය. එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය. එවිට සාමුවෙල් සාවුල් සමඟ ගියේ ය. සාවුල් ද සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.

1 සාමුවෙල් 15:24-31 Sinhala New Revised Version 2018 (SNRV)