1 සාමුවෙල් 15:10-11
1 සාමුවෙල් 15:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේගේ වචනය සාමුවෙල් වෙත පැමිණියේ ය. “සාවුල් රජකමට පත් කිරීම ගැන මම තැවෙමි. මන්ද ඔහු මා අනුගමන කිරීමෙන් ඉවත හැරී ඇත. මගේ ආඥා ඔහු පිළිපැද නැතැ” යි කී සේක. සාමුවෙල් සංවේගයට පත් විය. මුළු රැය පුරා ඔහු ස්වාමින්වහන්සේට හඬ ගෑවේ ය.
1 සාමුවෙල් 15:10-11 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේගේ වචනය සාමුවෙල් වෙතට පැමිණ: මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.
1 සාමුවෙල් 15:10-11 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
1 සාමුවෙල් 15:10-11 Sinhala New Revised Version 2018 (SNRV)