1 සාමුවෙල් 13:11-12
1 සාමුවෙල් 13:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්, මා සිතුවේ පිලිස්තිවරුන් දැන් පිටත් ව, මට එරෙහිව ගිල්ගාල් වෙත එනු ඇති; මා ස්වාමින්වහන්සේගේ ප්රසාදය සෙව්වේ ද නැත කියායි. එනිසා දවන යාග පූජාව ඔප්පු කිරීමට මා තුළ බලකිරීමක් ඇති වුණා” යි කී ය.
1 සාමුවෙල් 13:11-12 Sinhala Revised Old Version (SROV)
සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්, මම කථාකොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය.
1 සාමුවෙල් 13:11-12 Sinhala New Revised Version (NRSV)
සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි. ගිල්ගාල්හි දී පිලිස්තිවරුන් මට පහර දෙන්නට යන නමුත් දෙවියන් වහන්සේගේ හිත දිනාගැනීමට මා උත්සාහ නොකළා යයි මම සිතුවෙමි. ඒ නිසා පූජාව ඔප්පු කළ යුතු බව මට හැඟුණේ ය”යි කීවේ ය.
1 සාමුවෙල් 13:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි. ගිල්ගාල්හි දී පිලිස්තිවරුන් මට පහර දෙන්නට යන නමුත් දෙවියන් වහන්සේගේ හිත දිනාගැනීමට මා උත්සාහ නොකළා යයි මම සිතුවෙමි. ඒ නිසා පූජාව ඔප්පු කළ යුතු බව මට හැඟුණේ ය”යි කීවේ ය.
1 සාමුවෙල් 13:11-12 New International Version (NIV)
“What have you done?” asked Samuel. Saul replied, “When I saw that the men were scattering, and that you did not come at the set time, and that the Philistines were assembling at Mikmash, I thought, ‘Now the Philistines will come down against me at Gilgal, and I have not sought the LORD’s favor.’ So I felt compelled to offer the burnt offering.”