1 සාමුවෙල් 13:1-15

1 සාමුවෙල් 13:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාවුල් රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් විය. ඔහු වසර හතළිස් දෙකක් ඉශ්‍රායෙල්හි රජකම් කළේ ය. සාවුල් ඉශ්‍රායෙල්වරුන් අතරින් මිනිසුන් තුන්දහසක් තෝරා ගත්තේ ය. එයින් දෙදහසක් මික්මාස්හි ද බෙතෙල් කඳු රටෙහි ද සාවුල් සමඟ සිටියහ. එක් දහසක් යොනාතාන් සමඟ බෙන්යමින් පෙදෙසේ ගිබෙයාහි වූහ. ඔහු සෙසු ජනයා ඔවුනොවුන්ගේ ගෙවලට ආපසු යැව්වේ ය. යොනාතාන් ගෙබාහි පිලිස්ති මුරපොළ පැරදවී ය. පිලිස්තිවරුනට එය අසන්නට ලැබිණ. එවිට සාවුල්, “හෙබ්‍රෙව්වනි අසත්වා!” කියමින් මුළු දේශය පුරා හොරණෑ හැඬවී ය. සාවුල් පිලිස්ති මුර පොළට පහර දී ඇති වගත්, දැන් ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුනට පිළිකුලක් ව ඇති වගත් මුළු ඉශ්‍රායෙල් ජනතාවට ම අසන්නට ලැබිණ. ගිල්ගාල්හි දී සාවුල් සමඟ එක් වන ලෙසට ජනයා කැඳවන ලදහ. පිලිස්තිවරු යුද්ධ රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නො හැකි තරමේ සේනාවක් සමඟ ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව සටනට එක් රැස් වූහ. ඔවුහු අවුත්, බෙත්-ආවෙන්ට නැගෙනහිරින් මික්මාස්හි කඳවුරු බැන්දහ. ඉශ්‍රායෙල්වරු තමන්ගේ තත්වය අවදානම් වගත්, තම හමුදාව අසීරුවට පත් ව ඇති වගත් දුටු කල, ගුහා තුළත්, කුහර තුළත්, පර්වත අතරේත්, පතල්වල හා පාළු ළිංවල ද සැඟවුණහ. ඇතැම් හෙබ්‍රෙව්වෝ ගාද් දේශයටත්, ගිලියාද් දේශයටත් යොර්දාන් ගඟින් එතෙර ව ගියහ. එහෙත් සාවුල්, ගිල්ගාල්හි රැඳී සිටියේ ය. ඔහු සමඟ වූ මුළු සෙබළ පිරිස භයින් වෙවුලූහ. සාමුවෙල් නියම කළ කාලය වන හත් දවසක් සාවුල් බලා සිටියේ ය. එහෙත් සාමුවෙල් ගිල්ගාල් වෙත ආවේ නැත. මිනිස්සු ඔහු වෙතින් විසිර යන්නට වන්හ. එබැවින් සාවුල්, “දවන යාග පූජාවත්, ශාන්ති පූජාවත් මෙහි මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. මෙසේ සාවුල් දවන යාග පූජාව ඔප්පු කළේ ය. ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම වනවාත් සමඟ ම, සාමුවෙල් පැමිණියේ ය. ඔහුට ආචාර කරන පිණිස ඔහු හමු වන්නට සාවුල් පිටතට ගියේ ය. “මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්, මා සිතුවේ පිලිස්තිවරුන් දැන් පිටත් ව, මට එරෙහිව ගිල්ගාල් වෙත එනු ඇති; මා ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ ද නැත කියායි. එනිසා දවන යාග පූජාව ඔප්පු කිරීමට මා තුළ බලකිරීමක් ඇති වුණා” යි කී ය. එවිට සාමුවෙල් කතා කරමින්, “ඔබ කර ඇත්තේ අනුවණ වැඩකි; උන්වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාව, ඔබ පිළිපැද්දේ නැහැ. පිළිපැද්දා නම්, උන්වහන්සේ ඔබගේ රාජ්‍යය ඉශ්‍රායෙල්හි සදහට ම ස්ථිර කරන්නට තිබුණි. එහෙත් දැන් ඔබගේ රාජ්‍යය දිගට ම පවතින්නේ නැත. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හදවතට එකඟ මනුෂ්‍යයකු සොයා, ස්වකීය ජනයාගේ අධිපතියා කොට ඔහු පත් කොට ඇත්තේ, ඔබ ස්වාමින්වහන්සේගේ ආඥාව පිළිපැද්දේ නැති නිසා යැ” යි කීවේ ය. ඉන්පසු සාමුවෙල් නැගිට, ගිල්ගාල් වෙතින් නික්ම ගියේ ය. සෙසු ජනයා සාවුල් පසු පස හමුදාව හමුවට ගියහ. ඔවුහු ගිල්ගාල් සිට බෙන්යමින් ගිබෙයා වෙත ගියහ. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කළේ ය. ඔවුහු හයසිය දෙනෙක් පමණ වූහ.

1 සාමුවෙල් 13:1-15 Sinhala Revised Old Version (SROV)

සාවුල් රජකමට පැමිණෙන විට ඔහු අවුරුදු තිහක් වයස්ව සිටියේය. ඔහු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම්කෙළේය. තවද සාවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය. යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය. සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය. පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය. තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය. සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය. ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය. එවිට සාවුල්: දවන පූජාව හා ශාන්ති පූජා මා ළගට ගෙනෙන්නැයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පුකෙළේය. ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය. සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්, මම කථාකොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය. සාමුවෙල්ද සාවුල්ට කථාකොට: නුඹ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ නුඹේ රජකම ඉශ්‍රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත. නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ නුඹට අණකළ දේ නුඹ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය. සාමුවෙල් පිටත්වී ගිල්ගාලෙන් බෙන්යමින් ගිබියාට ගියේය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන්කෙළේය, ඔව්හු හසියයක් පමණ වූහ.

1 සාමුවෙල් 13:1-15 Sinhala New Revised Version (NRSV)

සාවුල් රජකමට පැමිණි විට වයස අවුරුදු තිහක් පමණ විය. ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය. සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය. ජොනතන් ගෙබායෙහි සිටි පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන්නේ ය. එපවත් පිලිස්තිවරුන්ට ආරංචි විය. එවිට සාවුල් කතා කොට, හෙබ්‍රෙව්වරු අසත් වා”යි දේශය මුළුල්ලෙහි හොරණෑ පිඹින්නට සැලැස්සුවේ ය. සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය. පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය. එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය. සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය. සාමුවෙල් නියම කළ පරිදි ඔහු එන තුරු සාවුල් සත් දවසක් බලා සිටියේ ය. එහෙත්, සාමුවෙල් ගිල්ගාල්ට නොපැමිණියේ ය. සෙනඟ ද ඔහු වෙතින් විසිර ගියෝ ය. එබැවින් සාවුල් ඔවුන් අමතා, “දවන යාග පූජාව හා සහභාගිකමේ පූජා මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. සාවුල් දවන යාග පූජා ඔප්පු කෙළේ ය. ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය. සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි. ගිල්ගාල්හි දී පිලිස්තිවරුන් මට පහර දෙන්නට යන නමුත් දෙවියන් වහන්සේගේ හිත දිනාගැනීමට මා උත්සාහ නොකළා යයි මම සිතුවෙමි. ඒ නිසා පූජාව ඔප්පු කළ යුතු බව මට හැඟුණේ ය”යි කීවේ ය. එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීයේ ය: “ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කෙළේ නැත. ඔබ ඒවා රක්ෂා කෙළෙහි නම්, සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ඉශ්රායෙල් කෙරෙහි සදහට ම රජකම් කරන්නට සලස්වන සේක. එහෙත්, දැන් ඔබේ රජකම පවතින්නේ නැත. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ දේ ඔබ රක්ෂා නොකළ බැවින් උන් වහන්සේ තමන්ගේ සිතට එකඟ වන මිනිසෙකු තෝරාගෙන තමන්ගේ සෙනඟ කෙරෙහි ඔහු නායකයා වන පිණිස නියම කර ඇතැ”යි කීවේ ය. සාමුවෙල් පිටත් වී ගිල්ගාලෙන් බෙන්ජමින්ගේ පෙදෙසේ ගිබියාට ගියේ ය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කෙළේ ය. ඔව්හු හයසියයක් පමණ වූ හ.

1 සාමුවෙල් 13:1-15 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 13:1-15 New International Version (NIV)

Saul was thirty years old when he became king, and he reigned over Israel forty- two years. Saul chose three thousand men from Israel; two thousand were with him at Mikmash and in the hill country of Bethel, and a thousand were with Jonathan at Gibeah in Benjamin. The rest of the men he sent back to their homes. Jonathan attacked the Philistine outpost at Geba, and the Philistines heard about it. Then Saul had the trumpet blown throughout the land and said, “Let the Hebrews hear!” So all Israel heard the news: “Saul has attacked the Philistine outpost, and now Israel has become obnoxious to the Philistines.” And the people were summoned to join Saul at Gilgal. The Philistines assembled to fight Israel, with three thousand chariots, six thousand charioteers, and soldiers as numerous as the sand on the seashore. They went up and camped at Mikmash, east of Beth Aven. When the Israelites saw that their situation was critical and that their army was hard pressed, they hid in caves and thickets, among the rocks, and in pits and cisterns. Some Hebrews even crossed the Jordan to the land of Gad and Gilead. Saul remained at Gilgal, and all the troops with him were quaking with fear. He waited seven days, the time set by Samuel; but Samuel did not come to Gilgal, and Saul’s men began to scatter. So he said, “Bring me the burnt offering and the fellowship offerings.” And Saul offered up the burnt offering. Just as he finished making the offering, Samuel arrived, and Saul went out to greet him. “What have you done?” asked Samuel. Saul replied, “When I saw that the men were scattering, and that you did not come at the set time, and that the Philistines were assembling at Mikmash, I thought, ‘Now the Philistines will come down against me at Gilgal, and I have not sought the LORD’s favor.’ So I felt compelled to offer the burnt offering.” “You have done a foolish thing,” Samuel said. “You have not kept the command the LORD your God gave you; if you had, he would have established your kingdom over Israel for all time. But now your kingdom will not endure; the LORD has sought out a man after his own heart and appointed him ruler of his people, because you have not kept the LORD’s command.” Then Samuel left Gilgal and went up to Gibeah in Benjamin, and Saul counted the men who were with him. They numbered about six hundred.