1 සාමුවෙල් 11:1-5

1 සාමුවෙල් 11:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අම්මොනීය නාහාෂ් අවුත්, යාබේෂ්-ගිලියාද් වටලා ගත්තේ ය. එවිට යාබේෂ්-ගිලියාද්හි සියලු මිනිස්සු නාහාෂ්ට කතා කොට, “අප සමඟ ගිවිසුමක් කරන්න; එවිට අපි ඔබට සේවය කරන්නෙමු” යි කීහ. එහෙත් අම්මොන්වර නාහාෂ් පිළිතුරු දෙමින්, “මෙම කොන්දේසිය මත පමණක් මම නුඹලා සමඟ ගිවිසුමක් කරන්නම්. මුළු ඉශ්‍රායෙල් පිට නිග්‍රහය ගෙනෙන පිණිස මා නුඹලා හැමකකුගේ දකුණු ඇස උගුලන්නෙමි” යි කීවේ ය. යාබේෂ් වැඩිහිටියෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපට හත් දවසක් කල් දෙන්න මුළු ඉශ්‍රායෙල් භූමිය පුරා පණිවුඩකරුවන් යවන පිණිස. අප මුදා ගන්නට කිසිවකු නො වූවොත්, අප ඔබට යටත් වෙනවා” යි කීහ. පණිවුඩකරුවන් සාවුල් සිටි ගිබෙයා වෙත පැමිණ, එම කාරණය ජනයාට සැල කළ විට, ඔවුහු සියල්ලෝ හඬ නගා වැලපෙන්නට වන්හ. මෙන්න! එවිට ම සාවුල් කෙත් වත්හි සිට තම ගවයන් පිටුපසින් පැමිණියේ ය. “මොකක් ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? ඔවුන් සැවොම හඬා-වැටෙන්නේ මන්දැ?” යි සාවුල් ඇසී ය. එවිට ඔවුහු යාබේෂ් වැසියන් පැවසූ දෑ ඔහුට පැවසූහ.

1 සාමුවෙල් 11:1-5 Sinhala Revised Old Version (SROV)

එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය. අම්මොනිය නාහාෂ්ද: නුඹලා සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්‍රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, නුඹලා සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය. යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්‍රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය. එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ. ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.

1 සාමුවෙල් 11:1-5 Sinhala New Revised Version (NRSV)

මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය. අම්මොනිය නාහාෂ් ද පිළිතුරු දෙමින්, “ඔබ සියල්ලන්ගේ දකුණු ඇස් උගුලා දමා, එයින් ඉශ්රායෙල්වරුන් පිට නින්දාවක් පමුණුවන්නට මට ඉඩ දුන්නොත් පමණක් ඔබ සමඟ ගිවිසුමක් කරගන්නෙමි”යි ඔවුන්ට කීවේ ය. ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය. එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ. ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. “සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය.

1 සාමුවෙල් 11:1-5 Sinhala New Revised Version 2018 (SNRV)