1 සාමුවෙල් 11:1-5

1 සාමුවෙල් 11:1-5 NRSV

මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය. අම්මොනිය නාහාෂ් ද පිළිතුරු දෙමින්, “ඔබ සියල්ලන්ගේ දකුණු ඇස් උගුලා දමා, එයින් ඉශ්රායෙල්වරුන් පිට නින්දාවක් පමුණුවන්නට මට ඉඩ දුන්නොත් පමණක් ඔබ සමඟ ගිවිසුමක් කරගන්නෙමි”යි ඔවුන්ට කීවේ ය. ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය. එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ. ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. “සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 11:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය