1 පේතෘස් 4:7-9
1 පේතෘස් 4:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියල්ලේ අවසානය ළං ව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න. ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේට ම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න. මැසිවිල්ලෙන් තොර ව, එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
1 පේතෘස් 4:7-9 Sinhala Revised Old Version (SROV)
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න. ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
1 පේතෘස් 4:7-9 Sinhala New Revised Version (NRSV)
සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න. ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න. මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
1 පේතෘස් 4:7-9 Sinhala New Revised Version 2018 (SNRV)