1 රාජාවලිය 8:57-61

1 රාජාවලිය 8:57-61 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපගේ පියවරුන් සමඟ සිටි පරිදි, අප සමඟ ද වන සේක්වා! උන්වහන්සේ කිසි කල අප හැර යෑම හෝ අප අත්හැරීම නො කරත්වා! උන්වහන්සේගේ සියලු මාර්ගවල ගැවසෙන පිණිසත්, උන්වහන්සේ අපගේ පියවරුන්ට දුන් උන්වහන්සේගේ ආඥා හා නියෝග ද උන්වහන්සේගේ නියමයන් ද රක්ෂා කරන පිණිසත්, උන්වහන්සේ අපගේ හදවත් තමන්වහන්සේ වෙත යොමු කරවන සේක්වා! උන්වහන්සේගේ මෙහෙකරුගේත්, උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේත් ඒ ඒ දවසේ අවශ්‍යතා අනුව කාරණ කටයුතු දරා සිටින පිණිස, ස්වාමින්වහන්සේ ඉදිරියේ යාච්ඤාවෙන් මා කී මගේ මේ වචන රෑ දාවල් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සමීපයෙහි පවතීවා! එවිට ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ වගත්, උන්වහන්සේ හැර අන් දෙවියන්වහන්සේ කෙනෙක් නැති වගත්, මිහි පිට සියලු ජාතීන් දැනගන්නවා ඇත. එබැවින් උන්වහන්සේගේ නියෝගවලට හා උන්වහන්සේගේ ආඥාවලට අනුව ජීවත් වන පිණිස, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔබගේ හදවත් අද දවසේ තිබෙන පරිදි මුළුමනින් ම කැප ව තිබේවා!” යි පැවසී ය.

1 රාජාවලිය 8:57-61 Sinhala Revised Old Version (SROV)

අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් සමඟ සිටියාක් මෙන් අප සමඟත් සිටින සේක්වා. උන්වහන්සේ අප අත්නොහරිනසේක්වා, අප බැහැර නොදමනසේක්වා. එසේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්ටත් උන්වහන්සේ අපේ පියවරුන්ට අණකළ උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයවල්ද පවත්වන්ටත් උන්වහන්සේ අපේ සිත් තමන් වෙතට නමාගන්නසේක්වා. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙවිකෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස, තමන්ගේ මෙහෙකරුවන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ටකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මා විසින් ඔප්පුකළ මේ කන්නලව් වචන රෑ දාවල් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සමීපයෙහි පවතීවා. එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට නුඹලාගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය.

1 රාජාවලිය 8:57-61 Sinhala New Revised Version (NRSV)

අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා! එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා! තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා! එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය. එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”

1 රාජාවලිය 8:57-61 Sinhala New Revised Version 2018 (SNRV)

අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා! එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පනත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා! තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා! එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය. එබැවින් උන් වහන්සේගේ පනත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”