1 රාජාවලිය 8:57-61
1 රාජාවලිය 8:57-61 SROV
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් සමඟ සිටියාක් මෙන් අප සමඟත් සිටින සේක්වා. උන්වහන්සේ අප අත්නොහරිනසේක්වා, අප බැහැර නොදමනසේක්වා. එසේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්ටත් උන්වහන්සේ අපේ පියවරුන්ට අණකළ උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයවල්ද පවත්වන්ටත් උන්වහන්සේ අපේ සිත් තමන් වෙතට නමාගන්නසේක්වා. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙවිකෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස, තමන්ගේ මෙහෙකරුවන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ටකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මා විසින් ඔප්පුකළ මේ කන්නලව් වචන රෑ දාවල් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සමීපයෙහි පවතීවා. එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට නුඹලාගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය.

