1 රාජාවලිය 8:37-43
1 රාජාවලිය 8:37-43 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දේශය පිට සාගතය හෝ වසංගතය හෝ කොළ-රෝගය හෝ පුස් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් පැමිණි කල, නැතහොත් ඔවුන්ගේ සතුරකු විසින් ඔවුන්ගේ යම් පුරවරයක් වටලා ගත් කල, කවර උවදුරක් හෝ රෝගයක් පැමිණි කල, යම් මිනිසකු හෝ ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් සැවොම හෝ ඒ එකිනෙකා තම සිතේ සංතාපය වටහා ගෙන, තම දෑත් මේ ගෘහය දෙසට විහිදා, යාච්ඤාවක් හෝ කන්නලව්වක් ඔප්පු කළහොත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, කමා වී, ක්‍රියා කළ මැනව; එක් එක් කෙනාගේ සිත දන්නා ඔබ, ඒ සියල්ලන්ගේ මාර්ග අනුව ප්‍රතිවිපාක දුන මැනව; මන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ හදවත දන්නේ ඔබවහන්සේ ය. ඔබ පමණක් ම ය. ඒ, අපගේ පියවරුන්ට ඔබ දුන් දේශයේ ඔවුන් වාසය කරන හැම කල්හි ඔවුහු ඔබට භය පක්ෂපාතී ව සිටින පිණිස ය. “ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ට අයත් නො වන විදෙස්සකු ඔබගේ නාමය නිසා දුර රටක සිට එන්නේ නම්– ඔබගේ ශ්‍රේෂ්ඨ නාමය ද ඔබගේ බලවත් හස්තය ද ඔබගේ දිගු කළ බාහුව ද ගැන ඔවුන් අසා, අවුත්, මේ ගෘහය දෙසට හැරී, ඔබට යාච්ඤා කරන්නේ නම්– ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, ඔබගේ ම ජනයා වන ඉශ්‍රායෙල් කරන පරිද්දෙන් මිහි පිට සිටින සියලු ජාතීන් ඔබගේ නාමය දැන, ඔබට භය වන පිණිසත්, මා විසින් ඉදි කොට ඇති මේ ගෘහය ඔබගේ නාමය දරන වග ඔවුන් දැනගන්නා පිණිසත් විදෙස්සා ඔබෙන් ඉල්ලන කවරක් වුව ඉටු කර දුන මැනවි.
1 රාජාවලිය 8:37-43 Sinhala Revised Old Version (SROV)
දේශයෙහි සාගතයක් පැමිණෙන්ටවත් වංසගතය පැමිණෙන්ටවත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්ටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ටවත් යෙදුණු කල්හි; කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව. මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක. තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත. එසේ ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවාවූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිසද, මා විසින් ගොඩනැගුවාවූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.
1 රාජාවලිය 8:37-43 Sinhala New Revised Version (NRSV)
“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට එය අසා කමා වුව මැනව. සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක; ඔබ එකිනෙකාට ඔවුනොවුන්ට සුදුසු පරිදි ඉෂ්ට කර දුන මැනව. එවිට ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්නෝ ය. “තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත. එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් මිහි පිට සියලු සෙනඟ ඔබේ නාමය ඇඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය පාන පිණිස ද මා ගොඩනැඟුවාවූ මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිස ද ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා විදේශිකයා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට ඉටු කළ මැනව.
1 රාජාවලිය 8:37-43 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 8:37-43 New International Version (NIV)
“When famine or plague comes to the land, or blight or mildew, locusts or grasshoppers, or when an enemy besieges them in any of their cities, whatever disaster or disease may come, and when a prayer or plea is made by anyone among your people Israel—being aware of the afflictions of their own hearts, and spreading out their hands toward this temple— then hear from heaven, your dwelling place. Forgive and act; deal with everyone according to all they do, since you know their hearts (for you alone know every human heart), so that they will fear you all the time they live in the land you gave our ancestors. “As for the foreigner who does not belong to your people Israel but has come from a distant land because of your name— for they will hear of your great name and your mighty hand and your outstretched arm—when they come and pray toward this temple, then hear from heaven, your dwelling place. Do whatever the foreigner asks of you, so that all the peoples of the earth may know your name and fear you, as do your own people Israel, and may know that this house I have built bears your Name.