1 රාජාවලිය 3:4-7

1 රාජාවලිය 3:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රජු යාග පූජා ඔප්පු කරන්නට ගිබෙයොන්ට ගියේ ය. ප්‍රධානතම උස් තැන් පුදසුන වූයේ එයයි. සාලමොන් එම පූජාසනය මත දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. ගිබෙයොන්හි දී ස්වාමින්වහන්සේ සාලමොන්ට රෑ සිහිනයකින් පෙනුණු සේක; දෙවියන්වහන්සේ, “මා ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ඔබගේ සේවක, මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක. ඔහු ඔබවහන්සේට විශ්වසනීය ව, ධර්මිෂ්ඨකමින් ද හදේ අවංකකමින් ද සිටියේ ය. ඔබවහන්සේ ඒ ඉමහත් දයා කරුණාව දිගට ම දක්වමින්, මේ අද දවසේ තිබෙන ලෙස ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට ඔහුට පුතකු දුන් සේක. “අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, දැන් ඔබ, ඔබගේ සේවකයා රජ කොට, මා පිය දාවිත් වෙනුවට පත් කර තිබේ. එහෙත් මා තවමත් ලාබාලයි. මට පැවරුණු කාර්යය කෙලෙස කරන්නේදැයි හරි හැටි මා දන්නේ නැත.

1 රාජාවලිය 3:4-7 Sinhala Revised Old Version (SROV)

ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය. ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක. සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත් ඔබ ඉදිරියෙහි සැබෑකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්ට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්ට ඉතුරුකරගන සිටිසේක. දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.

1 රාජාවලිය 3:4-7 Sinhala New Revised Version (NRSV)

ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය. ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක. සලමොන් කතා කොට, “ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව ද ධර්මිෂ්ඨකමින් ද ඔබ සමඟ සිතේ අවංකකමින් ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද, අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක. දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.

1 රාජාවලිය 3:4-7 Sinhala New Revised Version 2018 (SNRV)