1 රාජාවලිය 22:1-5

1 රාජාවලිය 22:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අරාම් සහ ඉශ්‍රායෙල් අතර වසර තුනක් යුද්ධ නො වී ය. එහෙත් තුන් වන වසරේ යූදා රජු වූ යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු බැහැ දකින්නට ගියේ ය. ඉශ්‍රායෙල් රජු තම නිලධාරීන් අමතමින්, “රාමොත්-ගිලියාද් අපට අයිති වග ඔබ දන්නේ නැද්ද? එහෙත් අරාම්හි රජුගෙන් එය ආපසු ගැනීමට අප කිසිවක් කර නැතැ” යි පැවසී ය. එබැවින් ඔහු යෙහෝෂාෆාට් අමතමින්, “රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්නට ඔබ මා සමඟ යනවා දැ?” යි ඇසී ය. යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජුට පිළිතුරු දෙමින්, “මමත් ඔබ වගෙයි; මගේ ජනයා ඔබේ ජනයා වගෙයි; මගේ අශ්වයින් ඔබේ අශ්වයින් වාගේ යැ” යි පැවසී ය. තවද යෙහෝෂාෆාට් ඉශ්‍රායෙල් රජු අමතමින්, “පළමුවෙන් ස්වාමින්වහන්සේගේ වචනයෙන් විමසන්නැ” යි කීවේ ය.

1 රාජාවලිය 22:1-5 Sinhala Revised Old Version (SROV)

සිරියවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ද අතරේ තුන් අවුරුද්දක් යුද්ධ නැතුව තිබුණේය. තුන්වෙනි අවුරුද්දේ යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය. ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය. ඔහු යෙහෝෂාපාට්ට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාට්ද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්‍රායෙල් රජුට කීවේය. තවද යෙහෝෂාපාට්: ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අද විභාගකළමැනවැයි ඉශ්‍රායෙල් රජුට කීය.

1 රාජාවලිය 22:1-5 Sinhala New Revised Version (NRSV)

සිරියාවේ වැසියන් හා ඉශ්රායෙල්වරුන් අතර තුන් අවුරුද්දක් සාමය පැවතිණි. තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය. ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය. ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය. තවද, ජෙහෝෂාපාට් කතා කොට, “පළමුවෙන් සමිඳාණන් වහන්සේගේ වචනය විභාග කළ මැනව”යි ඉශ්රායෙල් රජුට කී ය.

1 රාජාවලිය 22:1-5 Sinhala New Revised Version 2018 (SNRV)