1 රාජාවලිය 22:1-5

1 රාජාවලිය 22:1-5 SROV

සිරියවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ද අතරේ තුන් අවුරුද්දක් යුද්ධ නැතුව තිබුණේය. තුන්වෙනි අවුරුද්දේ යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය. ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය. ඔහු යෙහෝෂාපාට්ට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාට්ද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්‍රායෙල් රජුට කීවේය. තවද යෙහෝෂාපාට්: ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අද විභාගකළමැනවැයි ඉශ්‍රායෙල් රජුට කීය.