1 රාජාවලිය 20:13-34

1 රාජාවලිය 20:13-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මේ අතර දිවැසිවරයෙක් ඉශ්‍රායෙල් රජු, ආහාබ් වෙත අවුත්, “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘මේ මහ හමුදාව ඔබ දුටුවා ද? අද මම ඔබේ අතට ඔවුන් හසුකර දෙමි. මා ස්වාමින්වහන්සේ වග එවිට ඔබ දැනගනු ඇතැ’ යි දැන්වී ය. “එහෙත් එය කරන්නේ කවුරුන් දැ?” යි ආහාබ් ඇසී ය. එවිට දිවැසිවරයා, “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘එය කරන්නේ ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් යැ’ යි පැවසී ය. “සටන අරඹන්නේ කවුරු දැ?” යි ඔහු ඇසී ය. දිවැසිවරයා ඊට, “ඔබ” යැයි පැවසී ය. එබැවින් ආහාබ් ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් දෙසිය තිස්දෙදෙනා රැස් කරවී ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් ඉතිරි සියලු මිනිසුන් හත්දහස ද එක් රැස් කරවී ය. ඔවුහු පිටත් ව, ගියේ මද්දහනේ තම මිත්‍ර රජුන් තිස්දෙදෙනා සමඟ බෙන්-හදද් ඔවුන්ගේ කූඩාරම්වල බීමත්වෙමින් සිටින අතරේ ය. මුලින් ම පිටත් වූයේ, ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීන් ය. තවද බෙන්-හදද් විසින් යවන ලද චර පුරුෂයෝ, “මිනිසුන් සමාරියේ සිට ඉදිරියට එති” යි ඔහුට දැන්වූහ. එවිට ඔහු, “ඔවුන් ඇවිදින් ඇත්තේ සමාදානයට නම්, ඔවුන් පණ පිටින් අල්ලා ගනු. ඔවුන් යුද්ධයට ආවා නම්, පණ පිටින් අල්ලා ගනු” යි පැවසී ය. ප්‍රාදේශීය සෙන්පතීන්ගේ කනිෂ්ඨ නිලධාරීහු හමුදාව තමන් පසු පස ඇති ව පුරවරයෙන් පිටතට ගමන් කළහ. ඒ එකිනෙකා තම ප්‍රතිවාදියා ගසා හෙළී ය. ඒ අවස්ථාවේ අරාමිවරුන් පලා ගිය අතර, ඉශ්‍රායෙල්වරු ඔවුන් ලුහුබැන්දහ. එහෙත් අරාම්හි රජු වූ බෙන්-හදද් තම අසරුවන් කීප දෙනකු සමඟ අසු පිට නැගී, බේරී පලා ගියේ ය. ඉශ්‍රායෙල් රජු පෙරට යමින්, අශ්වයින්ට ද රථවලට ද පහර දී, මහත් ඝාතනයකින් අරාම්වරුන් පරාජය කළේ ය. ඉන්පසු දිවැසිවරයා ඉශ්‍රායෙල් රජු වෙත අවුත්, කතා කොට, “ඊළඟ වසන්ත සමයේ අරාම්හි රජු ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ම ශක්තිමත් කර ගෙන, කළ යුත්තේ කුමක් දැයි කල්පනාවට ගන්නැ” යි පැවසී ය. මේ අතර අරාම්හි රජුගේ නිලධාරීහු ඔහුට උපදෙස් දෙමින්, “ඔවුන්ගේ දෙවිවරු කඳුවල දෙවිවරුයි. එනිසයි ඔවුන් අපට වඩා බලවත් වූයේ; එහෙත් තැනිතලාවේදී අප සටන් කළහොත්, සත්තකින් ම ඔවුන්ට වඩා අප බලවත් වේවි; මෙසේ කරන්න: රජුන් හැම දෙනා අණ දීමේ තනතුරෙන් ඉවත් කර, ඊට වෙනත් නිලධාරීන් පත් කරන්න. තවද ඔබට අහිමි වූ හමුදාව මෙන් හමුදාවක් ද අසකුට අසකු ද රථයකට රථයක් ද වශයෙන් සූදානම් කර ගන්න. එවිට තැනිතලාවේදී අපට ඉශ්‍රායෙල් හා සටන් කළ හැකියි. සත්තකින් ම එවිට අප ඔවුන්ට වඩා බලවත් වනු ඇතැ” යි පැවසූහ. ඔහු ඔවුන් හා එකඟ වී, ඒ අනුව කටයුතු කළේ ය. ඊළඟ වසන්තයේදී බෙන්-හදද් අරාම්වරුන් රැස් කර, ඉශ්‍රායෙල්ට එරෙහි සටනට අෆේක් වෙත ගියේ ය. ඉශ්‍රායෙල්වරු ද එක් රැස් කරනු ලැබ, ආහාර පාන සපයනු ලැබ, ඔවුන්ට විරුද්ධ ව ගියහ. අරාම්වරුන්ගෙන් දේශය වැසී තිබියදී ඉශ්‍රායෙල්වරුන් ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියේ කුඩා එළු රංචු දෙකක් මෙනි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අවුත්, ඉශ්‍රායෙල්හි රජු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ස්වාමින්වහන්සේ කඳුවල දෙවි කෙනකු මිස, මිටියාවත්වල දෙවි කෙනකු නො වේය කියා අරාම්වරුන් සිතන බැවින්, මම මේ විශාල හමුදාව ඔබේ අත්වලට හසුකර දෙන්නෙමි. මා ස්වාමින්වහන්සේ වග එවිට ඔබ දැනගන්නවා ඇතැ’ යි” පැවසී ය. ඔවුන් එකිනෙකාට එරෙහිව හත් දවසක් කඳවුරු බැඳ සිටි පසු, හත් වන දවසේ යුද්ධය ඇරඹිණි. ඉශ්‍රායෙල්වරු දවසක් ඇතුළත අරාම් පාබළ භටයින් එක්ලක්ෂයක් ගසා හෙළූහ. බේරී, අෆේක් පුරයට පලා ගිය ඉතිරි වූවන්ගෙන් විසිහත්දහසක් යට කර පවුර කඩා වැටිණි. පුරවරයට පලා ගිය බෙන්-හදද්, ඇතුළු කුටියක සැඟවුණේ ය. එවිට ඔහුගේ නිලධාරීහු ඔහුට කතා කොට, “බලන්න, ඉශ්‍රායෙල් වංශික රජවරු දයාවන්ත වග අප අසා තිබේ. එබැවින් අපි ගෝණි රෙදි ඉඟ දවටා, හිස් වටා ලණු ඔතා ඉශ්‍රායෙල් රජු වෙත යමු. ඇතැම් විට ඔහු ඔබට ජීවිත දානය දෙනු ඇතැ” යි කීහ. එබැවින් ගෝණි රෙදි තම ඉඟ දවටා, තම හිස් වටා ලණු ඔතා ගත් ඔවුහු ඉශ්‍රායෙල් රජු වෙත ගොස්, “ඔබගේ සේවක බෙන්-හදද් ‘මට ජීවිත දානය දෙන්න’ කියා ඉල්ලා සිටිනවා” යි කීහ. එවිට රජු, “ඔහු තවම ජීවත් ව සිටිනවා ද? ඔහු මගේ සහෝදරයා යැ” යි පැවසී ය. එය සුබ ලකුණක් ලෙස ගත් ඒ මිනිස්සු, ඔහුගේ වචනය අල්ලා ගන්නට යුහුසුලු වී, “ඔව්, ඔබගේ සහෝදර බෙන්-හදද්!” යැයි පැවසූහ. “යන්න, ඔහු කැඳවාගෙන එන්නැ” යි රජු පැවසී ය. බෙන්-හදද් පිටතට ආ කල ආහාබ් තම රථයට ඔහු නංවා ගත්තේ ය. බෙන්-හදද් ඔහු අමතමින්, “මගේ පියා ඔබේ පියාගෙන් ගත් පුරවර, මම යළි ඔබට දෙන්නෙමි. මගේ පියා සමාරියේදී කළ පරිද්දෙන් ඔබට ද දමස්කයේ වෙළඳ කලාප පිහිටුවිය හැකි යැ” යි පැවසී ය. ආහාබ් පිළිතුරු දෙමින්, “මේ ගිවිසුම් පදනම මත මම ඔබ නිදහස් කර හරින්නෙමි” යි පැවසී ය. එබැවින් ඔහු බෙන්-හදද් සමඟ ගිවිසුමක් කර, ඔහු යන්නට හැරියේ ය.

1 රාජාවලිය 20:13-34 Sinhala Revised Old Version (SROV)

ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. ආහබ්: කා ලවාදැයි ඇසුවේය. ඔහුද: ජනපදවල අධිපතීන්ගේ සේවකයන් ලවායයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එවිට ආහබ්: සටන පටන්ගන්නේ කවුදැයි ඇසුවේය. ඔහුද: ඔලයයි උත්තරදුන්නේය. එවිට ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස්කෙළේය, ඔව්හු දෙසිය තිස් දෙදෙනෙක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද රැස්කෙළේය, ඔව්හු සත් දහසක් වූහ. ඉරමුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝය. එහෙත් බෙන්-හදද් වනාහි තමාට උපකාරකරන රජවරුන් තිස් දෙනාත් සමඟ මත්වෙන තරම් කූඩාරම්වල බිබී හුන්නේය. ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුකොට පිටතට ගියෝය; බෙන්-හදද් විභාගකෙරෙවු විට: සමහර මිනිස්සු සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වනලද්දේය. ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්නැයි කීවේය. මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස්, එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය. ඉශ්‍රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ටද රථවලටද පහරදී, සිරියවරුන් අතරෙහි මහත් විනාශයක් කෙළේය. ප්‍රොපේත තෙමේ ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: එන අවුරුද්දේ සිරියේ රජ ඔබට විරුද්ධව එනවා ඇත, ඉන්නිසා ඔබ ශක්තිමත්වී කුමක් කටයුතුද කියා කල්පනාකර බැලුව මැනවැයි කීවේය. තවද සිරියේ රජුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවිකෙනෙක්ය; එබැවින් ඔව්හු අපට වඩා බලවත්වූවෝය. නමුත් සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුව. මෙසේ කරන්ට ඕනෑය; රජවරුන් තම තමුන්ගේ ස්ථානවලින් අහක්කර, ඔවුන් වෙනුවට සේනාපතියන් සිටවා, නැතිවුණ ඔබගේ සේනාවමෙන් සේනාවක්ද අශ්වයන් මෙන් අශ්වයන්ද රථ මෙන් රථද ගණන් කරගතමැනවි. එවිට අපි සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමුව, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුයයි ඔහුට කීවෝය. ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී එසේ කෙළේය. ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළු රැළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. තවද එක සෙනඟක් අනික් සෙනඟට ඉස්සරහපිටින් සත් දවසක් කඳවුරු බැඳගන සිටියේය. සත්වෙනිදා යුද්ධය කෙරුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ සිරියවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය. ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප විසින් අසා තිබේ. ඉතින් අපේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගන, ඉශ්‍රායෙල් රජු ළඟට අපට යන්ට දෙනු මැනවි. සමහරවිට ඔහු ඔබගේ ප්‍රාණය ආරක්ෂාකරනවා ඇතැයි කීවෝය. එසේ ඔව්හු තමුන්ගේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගෙන, ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: ඔබගේ මෙහෙකරුවූ බෙන්-හදද්–මාගේ ප්‍රාණය ආරක්ෂාකළ මැනවියි කියන්නේයයි කීවෝය. ආහබ් කථාකොට: ඔහු තවම ජීවත්ව සිටීද? ඔහු මාගේ සහෝදරයායයි කීවේය. ඒ මනුෂ්‍යයෝ රජු කී වචනය හොඳ ලකුණක්කොට සලකා, ඒ වචනය වහාම අල්වාගෙන: ඔබගේ සහෝදරවූ බෙන්-හදද්යයි කීවෝය. ඔහුද: නුඹලා ගොස් ඔහු කැඳවාගන එන්නැයි කීවේය. එකල බෙන්-හදද් ඔහු වෙතට ආයේය. රජ ඔහු රථයට නංවාගත්තේය. බෙන්-හදද්ද: මාගේ පියාණන් විසින් ඔබගේ පියාණන්ගෙන් ගත් නුවරවල් දෙවනු දෙන්නෙමි; මාගේ පියාණන් සමාරියෙහි වීථි සෑදුවාක් මෙන් ඔබට දමස්කයෙහි සාදාගන්ට පුළුවනැයි කීවේය. ආහබ්ද: මමත් මේ ගිවිසුම පිට ඔබට යන්ට හරිමියි කියා, ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්ට හැරියේය.

1 රාජාවලිය 20:13-34 Sinhala New Revised Version (NRSV)

එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය. ආහබ්, “කවරෙකුගේ මාර්ගයෙන් දැ”යි ඇසූ විට, ඔහු උත්තර දෙමින්, “ජනපදවල අධිපතීන්ගේ තරුණ භටයන් ලවා ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි දැන්වී ය. එවිට ආහබ්, “සටන පටන් ගන්නේ කවරෙක් දැ”යි ඇසූ විට ඔහු ද, “ඔබ ය”යි උත්තර දුන්නේ ය. ඉන්පසු ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කෙළේ ය. ඔව්හු දෙසියතිස්දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පසු ව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්රායෙල් ජනයා ද රැස් කෙළේ ය. ඔව්හු සත්දහසක් වූ හ. ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්‍-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය. ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්‍-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ‍ යැ”යි දන්වන ලදී. ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය. මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ ද ඔවුන් අනුව ගිය සේනාව ද නගරයෙන් පිටතට ගොස් එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්‍-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය. ඉශ්රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ට ද අශ්ව රථවලට ද පහර දී සිරියාවේ වැසියන් හොඳට ම පරාජය කෙළේ ය. දිවැසිවරයා ඉශ්රායෙල් රජු වෙත පැමිණ, “ලබන වසන්ත කාලයේ දී සිරියාවේ රජ ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ශක්තිමත් වී කුමක් කළ යුතු ද කියා කල්පනා කර බලන්නැ”යි කී ය. තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු. මෙලෙස කළ යුතු ය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට, ඔවුන් වෙනුවට සේනාපතීන් සිටුවා, නැති වූ ඔබේ සේනාව හා සමාන සේනාවක් ද අශ්වයන් හා සමාන අශ්වයන් ද අශ්ව රථ හා සමාන අශ්ව රථ ද ගණන් කරගත මැනව. එවිට අපි සම භූමියෙහි ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු”යි කී හ. ඔහු ද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී එසේ කෙළේ ය. ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්‍-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය. ඉශ්රායෙල් ජනයා ද රැස් කරනු ලැබ, සන්නාහ සන්නද්ධ වී ඔවුන්ට විරුද්ධ ව ගියහ. ඉශ්රායෙල් ජනයා කුඩා එළු පට්ටි දෙකකට සමාන ව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියහ. එහෙත්, සිරියාවේ වැසියන්ගෙන් දේශය පිරී තිබිණි. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය. තවද, එක් සෙනඟක් අනික් සෙනඟට ඉදිරියෙන් සත් දවසක් කඳවුරු බැඳ සිටියෝ ය. සත් වන දින යුද්ධය ඇරඹිණි. ඉශ්රායෙල් ජනයා සිරියාවේ වැසියන්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසක දී මැරූ හ. ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්‍-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඉශ්රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින්, අපේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව, සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැ”යි කී හ. එවිට ඔව්හු තමන්ගේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට පැමිණ, “ඔබේ මෙහෙකරු වන බෙන්‍-හදද්, ‘මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනව’යි කියන්නේ ය”යි සැළ කළහ. එවිට ආහබ් කතා කොට, “ඔහු තව ම ජීවත් ව සිටී ද? ඔහු මාගේ සහෝදරයා ය”යි කීවේ ය. ඒ මනුෂ්‍යයො ද රජු කී වචනය හොඳ ලකුණක් කොට සලකා, එය වහා පිළිගෙන, “ඔහු ඔබේ සහෝදරවන බෙන්‍-හදද් ය”යි කීවෝ‍ ය. ඔහු ද කතා කොට, “ඔබ ගොස් ඔහු කැඳවාගෙන එන්නැ”යි කී ය. එකල බෙන්‍-හදද් ඔහු වෙත පැමිණියේ ය. රජ ද ඔහු රථයට නංවාගත්තේ ය. බෙන්‍-හදද් ද කතා කරමින්, “මාගේ පියාණන් විසින් ඔබේ පියාණන්ගෙන් ගන්න ලද නගර ආපසු දෙන්නෙමි. මාගේ පියාණන් සමාරියෙහි වෙළෙඳ පොළවල් සෑදූ ලෙස ඔබට ද දමස්කයෙහි සාදාගන්න පුළුවනැ”යි කීවේ ය. ආහබ් ද කතා කොට, “මම ද මේ ගිවිසුම පිට ඔබ යන්න හරිමි”යි ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්නට හැරියේ ය.

1 රාජාවලිය 20:13-34 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 20:13-34 New International Version (NIV)

Meanwhile a prophet came to Ahab king of Israel and announced, “This is what the LORD says: ‘Do you see this vast army? I will give it into your hand today, and then you will know that I am the LORD.’ ” “But who will do this?” asked Ahab. The prophet replied, “This is what the LORD says: ‘The junior officers under the provincial commanders will do it.’ ” “And who will start the battle?” he asked. The prophet answered, “You will.” So Ahab summoned the 232 junior officers under the provincial commanders. Then he assembled the rest of the Israelites, 7,000 in all. They set out at noon while Ben-Hadad and the 32 kings allied with him were in their tents getting drunk. The junior officers under the provincial commanders went out first. Now Ben-Hadad had dispatched scouts, who reported, “Men are advancing from Samaria.” He said, “If they have come out for peace, take them alive; if they have come out for war, take them alive.” The junior officers under the provincial commanders marched out of the city with the army behind them and each one struck down his opponent. At that, the Arameans fled, with the Israelites in pursuit. But Ben-Hadad king of Aram escaped on horseback with some of his horsemen. The king of Israel advanced and overpowered the horses and chariots and inflicted heavy losses on the Arameans. Afterward, the prophet came to the king of Israel and said, “Strengthen your position and see what must be done, because next spring the king of Aram will attack you again.” Meanwhile, the officials of the king of Aram advised him, “Their gods are gods of the hills. That is why they were too strong for us. But if we fight them on the plains, surely we will be stronger than they. Do this: Remove all the kings from their commands and replace them with other officers. You must also raise an army like the one you lost—horse for horse and chariot for chariot—so we can fight Israel on the plains. Then surely we will be stronger than they.” He agreed with them and acted accordingly. The next spring Ben-Hadad mustered the Arameans and went up to Aphek to fight against Israel. When the Israelites were also mustered and given provisions, they marched out to meet them. The Israelites camped opposite them like two small flocks of goats, while the Arameans covered the countryside. The man of God came up and told the king of Israel, “This is what the LORD says: ‘Because the Arameans think the LORD is a god of the hills and not a god of the valleys, I will deliver this vast army into your hands, and you will know that I am the LORD.’ ” For seven days they camped opposite each other, and on the seventh day the battle was joined. The Israelites inflicted a hundred thousand casualties on the Aramean foot soldiers in one day. The rest of them escaped to the city of Aphek, where the wall collapsed on twenty-seven thousand of them. And Ben-Hadad fled to the city and hid in an inner room. His officials said to him, “Look, we have heard that the kings of Israel are merciful. Let us go to the king of Israel with sackcloth around our waists and ropes around our heads. Perhaps he will spare your life.” Wearing sackcloth around their waists and ropes around their heads, they went to the king of Israel and said, “Your servant Ben-Hadad says: ‘Please let me live.’ ” The king answered, “Is he still alive? He is my brother.” The men took this as a good sign and were quick to pick up his word. “Yes, your brother Ben-Hadad!” they said. “Go and get him,” the king said. When Ben-Hadad came out, Ahab had him come up into his chariot. “I will return the cities my father took from your father,” Ben-Hadad offered. “You may set up your own market areas in Damascus, as my father did in Samaria.” Ahab said, “On the basis of a treaty I will set you free.” So he made a treaty with him, and let him go.