1 රාජාවලිය 19:4-12
1 රාජාවලිය 19:4-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය. එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය. ඔහු වටපිට බැලුවේ ය. එවිට මෙන්න! තම හිස ළඟ ගිනි අඟුරු පිට පිලිස්සූ රොටියක් හා ජල බඳුනක් විය; ඔහු කා, බී යළි වැතිරුණේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරට අවුත්, ඔහුට අත ගසා, “නැගිට කන්න. මන්ද ගමන ඔබට දුර වැඩි” යි කීවේ ය. එවිට ඔහු නැගිට කෑවේ ය, බීවේ ය. ඔහු ඒ කෑමෙන් ශක්තිමත් වී, දහවල් හතළිහක් හා රෑ හතළිහක් ගමන් කර, දෙවියන්වහන්සේගේ කන්ද වන හොරේබ් වෙත ළඟා විය. ඔහු එහි ගුහාවකට ඇතුල් වී, රැය ගත කළේ ය. ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ, “එලියා, නුඹ මෙහි කුමක් කරනවා දැ?” යි විමසී ය. ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා; ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “පිටතට ගොස්, කන්ද උඩ ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටගන්න. මන්ද ස්වාමින්වහන්සේ පසු කර යන සේකැ” යි පැවසූ සේක. එවිට මහ බලවත් සුළඟක් හමා, ස්වාමින්වහන්සේට පෙරටුව කඳු ඉරා, පර්වත බිඳ හෙළී ය; එහෙත් ස්වාමින්වහන්සේ සුළඟේ නො වූ සේක. සුළඟට පසු, භූමිකම්පාවක් විය. එහෙත් ස්වාමින්වහන්සේ භූමිකම්පා වේ නො වූ සේක. භූමිකම්පාවට පසු ගින්නක් විය. එහෙත් ස්වාමින්වහන්සේ ගින්නේ ද නො වූ සේක. ගින්නට පසු, සිහින් කටහඬක් විය.
1 රාජාවලිය 19:4-12 Sinhala Revised Old Version (SROV)
තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය. ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය. ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය. ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ, එහි ගුහාවකට ඇතුල්ව නවාතැන් ගත්තේය; ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහු වෙතට පැමිණියේය, උන්වහන්සේ ඔහුට කථාකොට: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය. උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක. පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක්විය.
1 රාජාවලිය 19:4-12 Sinhala New Revised Version (NRSV)
තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය. මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්, ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පිළිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කා බී නැවත වැතුරුණේ ය. තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වර අවුත්, ඔහුට අතගසා, “නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ”යි කීවේ ය. ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය. පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. කුමක්හෙයින් ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් ද කඩුවෙන් මැරුවෝ ය. ඉතුරු ව සිටින්නේ මම පමණක් ය. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති”යි කී ය. උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක. පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය.
1 රාජාවලිය 19:4-12 Sinhala New Revised Version 2018 (SNRV)
තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය. මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්, ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පිළිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කා බී නැවත වැතුරුණේ ය. තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වර අවුත්, ඔහුට අතගසා, “නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ”යි කීවේ ය. ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය. පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. කුමක්හෙයින් ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් ද කඩුවෙන් මැරුවෝ ය. ඉතුරු ව සිටින්නේ මම පමණක් ය. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති”යි කී ය. උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක. පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු නිසලතාව තුළින් සියුම් හඬක් විය.
1 රාජාවලිය 19:4-12 New International Version (NIV)
while he himself went a day’s journey into the wilderness. He came to a broom bush, sat down under it and prayed that he might die. “I have had enough, LORD,” he said. “Take my life; I am no better than my ancestors.” Then he lay down under the bush and fell asleep. All at once an angel touched him and said, “Get up and eat.” He looked around, and there by his head was some bread baked over hot coals, and a jar of water. He ate and drank and then lay down again. The angel of the LORD came back a second time and touched him and said, “Get up and eat, for the journey is too much for you.” So he got up and ate and drank. Strengthened by that food, he traveled forty days and forty nights until he reached Horeb, the mountain of God. There he went into a cave and spent the night. LORD And the word of the LORD came to him: “What are you doing here, Elijah?” He replied, “I have been very zealous for the LORD God Almighty. The Israelites have rejected your covenant, torn down your altars, and put your prophets to death with the sword. I am the only one left, and now they are trying to kill me too.” The LORD said, “Go out and stand on the mountain in the presence of the LORD, for the LORD is about to pass by.” Then a great and powerful wind tore the mountains apart and shattered the rocks before the LORD, but the LORD was not in the wind. After the wind there was an earthquake, but the LORD was not in the earthquake. After the earthquake came a fire, but the LORD was not in the fire. And after the fire came a gentle whisper.