1 රාජාවලිය 19:1-3
1 රාජාවලිය 19:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එලියා කළ සියල්ලත්, ඔහු දිවැසිවර සියල්ලන් කඩු ගා, මැරූ හැටිත් ආහාබ් යෙසෙබෙල්ට දැන්වී ය. එවිට යෙසෙබෙල් පණිවුඩකරුවකු යවමින්, “හෙට මේ වෙලාවට ඔබේ ජීවිතය ඔවුන්ගෙන් කෙනකු මෙන් වීමට මා සැලැස්වූයේ නැත්නම්, දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා” යි එලියාට කියා ඇරියා ය. එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා
1 රාජාවලිය 19:1-3 Sinhala Revised Old Version (SROV)
එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවේය. එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය. ඔහු ඒ අසා නැගිට තමාගේ ප්රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර
1 රාජාවලිය 19:1-3 Sinhala New Revised Version (NRSV)
එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබෙල්ට දැන්වී ය. එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය. ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර
1 රාජාවලිය 19:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබෙල්ට දැන්වී ය. එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය. ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර
1 රාජාවලිය 19:1-3 New International Version (NIV)
Now Ahab told Jezebel everything Elijah had done and how he had killed all the prophets with the sword. So Jezebel sent a messenger to Elijah to say, “May the gods deal with me, be it ever so severely, if by this time tomorrow I do not make your life like that of one of them.” Elijah was afraid and ran for his life. When he came to Beersheba in Judah, he left his servant there