1 රාජාවලිය 17:1-5
1 රාජාවලිය 17:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගිලියාද්හි පදිංචි ව සිටියවුන්ගෙන් කෙනෙක් වූ තිෂ්බීය එලියා, ආහාබ් අමතමින්, “මා සේවය කරන, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මගේ වචනයෙන් ප්‍රකාශ කරන තෙක්, ඊළඟ අවුරුදු කීපය තුළ වැසි වසින්නේවත්, පිනි වැටෙන්නේවත් නැතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේගේ වචනය එලියා වෙත පැමිණියේ ය. “මෙහෙන් ඉවත් ව, නැගෙනහිර දෙසට හැරී, යොර්දාන් ගඟට නැගෙනහිරින් ඇති කෙරීත් ඔය ළඟ සැඟවී ඉන්න. ඔයෙන් වතුර බොන්න. එහිදී ඔබට කෑම දෙන්නට කපුටුවන්ට මා නියෝග කර ඇතැ” යි ඉන් පැවසිණි. එබැවින් ඔහු ස්වාමින්වහන්සේගේ වචනය පරිදි ක්‍රියා කළේ ය. ඔහු යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ කෙරීත් ඔය වෙත ගොස්, එහි නැවතී සිටියේ ය.
1 රාජාවලිය 17:1-5 Sinhala Revised Old Version (SROV)
තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය. ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන; එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක. ඔහු ගොස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කෙළේය. ඔහු ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසයකෙළේය.
1 රාජාවලිය 17:1-5 Sinhala New Revised Version (NRSV)
ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, “මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය. ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.
1 රාජාවලිය 17:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, “මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය. ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.
1 රාජාවලිය 17:1-5 New International Version (NIV)
Now Elijah the Tishbite, from Tishbe in Gilead, said to Ahab, “As the LORD, the God of Israel, lives, whom I serve, there will be neither dew nor rain in the next few years except at my word.” Then the word of the LORD came to Elijah: “Leave here, turn eastward and hide in the Kerith Ravine, east of the Jordan. You will drink from the brook, and I have directed the ravens to supply you with food there.” So he did what the LORD had told him. He went to the Kerith Ravine, east of the Jordan, and stayed there.