1 රාජාවලියේ 17:1-5

1 රාජාවලියේ 17:1-5 NRSV

ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ, “මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය. ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.

1 රාජාවලියේ 17:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය