1 කොරින්ති 14:1-20
1 කොරින්ති 14:1-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න. මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මගින් අබිරහස් පවසයි. එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි. අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි. ඔබ සැවොම අන්‍ය භාෂා කතා කරනවාට කැමැත්තෙමි; එහෙත් ඔබ දිවැස් වැකි පවසනවාට ඊට බොහෝ වැඩියෙන් කැමැත්තෙමි. සභාවේ අභිවෘද්ධිය පිණිස අන්‍ය භාෂා කතා කරන්නා පවසන දෑ, අන් අයට පහදා දෙන්නේ නම් මිස, දිවැස් වැකි පවසන්නා ඔහුට වඩා උතුම් ය. සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණ, යම් එළිදරවුවක් හෝ දැනගැන්මක් හෝ දිවැස් වැකි හෝ ඉගැන්වීමක් හෝ නො කර, අන්‍ය භාෂා කතා කළහොත්, මා ඔබට කවර සෙතක් සලසා ද? නළාව හෝ වීණාව වැනි අප්‍රාණික සංගීත භාණ්ඩයක් පැහැදිලි ස්වරයක් වාදන නො කෙරේ නම්, වැයෙන්නේ කවර තනුවක්දැයි කෙනකු හැඳින ගන්නේ කෙසේ ද? එසේ ම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬ වේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද? ඔබ පිළිබඳවත් එසේ ම ය; ඔබගේ දිවෙන් ඔබ තේරුම් ගත හැකි වචන කතා නො කළහොත්, කුමක් කියන්නේදැයි කෙනකු දැනගන්නේ කෙසේ ද? මන්ද ඔබ සුළඟට කතා කරනවා වැන්න. බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත. යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැති නම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි. ඔබ පිළිබඳවත් එසේ ම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න. මෙනිසා, අන්‍ය භාෂා කතා කරන්නා අරුත පහදා දීමේ වරය ද ඉල්ලා යාච්ඤා කළ යුතු ය. මන්ද මා අන්‍ය-භාෂාවකින් යාච්ඤා කරන කල, මගේ ආත්මය යාච්ඤා කරන නමුත්, මගේ මනසට පලක් නැත. මම කුමක් කරම් ද? මගේ ආත්මයෙන් යාච්ඤා කරමි; මගේ මනසින් ද යාච්ඤා කරමි. මගේ ආත්මයෙන් පැසසුම් ගී ගයමි; මගේ මනසින් ද ගී ගයමි. ඔබ ආත්මයෙන් ස්තුති දෙන විට කෙනකුට ඔබ කියන දේ නො වැටහේ නම්, ඔබගේ ස්තුති දීමට ඔහු ආමෙන් කියන්නේ කොහොම ද? ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ. ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි. එහෙත් සභාවකදී අන්‍ය-භාෂාවෙන් වචන දස දහසක් පවසනවාට වඩා, අන්‍යයන්ට උපදෙස් පිණිස, මගේ මනසින් වචන පහක් කතා කරනු කැමැත්තෙමි. සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධ ව බිළිඳුන් වන්න; සිතුවිලිවලින් වැඩිහිටියන් වන්න.
1 කොරින්ති 14:1-20 Sinhala Revised Old Version (SROV)
ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න. මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත. නුමුත් ධර්මවාක්‍ය පවසන්නා වර්ධනවීමද දැනමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කථාකරන්නේය. අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය. නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් නුඹලා ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය. ඉතින්, සහෝදරයෙනි, මම නුඹලා ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද? එසේම ශබ්ද නගන්නාවූ පණ නැති දේවල්–නළාව වුණත් වීණාව වුණත්–වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම්, පිඹින්නේ මොකක්ද, ගායනාකරන්නේ මොකක්දැයි දැනගන්නේ කොහොමද? එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද? එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුළඟට කථාකරන්නාක්මෙන් වේ. යම් පමණ වෙනස්වූ භාෂාවල් ලෝකයේ ඇද්ද, එයින් එකක්වත් අර්ථ රහිත නැත. එබැවින් මම භාෂාවේ තේරුම නොදනිම් නම්, කථාකරන්නාට පරදේශියෙක් වෙමි, කථාකරන්නා මට පරදේශියෙක් වේ. එසේම නුඹලාත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න. එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා. මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත. එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි. නැත්නම්, නුඹ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් නුඹේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද? නුඹ නම් හොඳාකාරයෙන් ස්තුතිකෙරෙහිය, නුමුත් අනික් අයට වැඩ සිද්ධ නොවේ. නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි. එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි. සහෝදරයෙනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.
1 කොරින්ති 14:1-20 Sinhala New Revised Version (NRSV)
ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න. අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක. එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි. අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය. ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය. සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේ ද ප්‍රඥාවේ ද දිවැසි වැකි දෙසීමේ ද අනුශාසනාවේ ද වචනවලින් ඔබට කතා නොකොට, අන් භාෂා කථනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක් ද? එලෙස ම, නළාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම්, ඒවායින් කුමන තාලයක් වාදනය වන්නේ දැ යි හඳුනාගන්නේ කෙසේ ද? යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ. ලෝකයේ විවිධ භාෂා ඇතත්, ඉන් එකක් වත් අර්ථ විරහිත නොවේ. ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය. එසේ ම ඔබත් ආධ්‍යාත්මික කුශලතා අත්කර ගැන්මට උද්‍යෝගිමත් බැවින්, සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණ ව සිටීමට උත්සාහ කරන්න. එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා. මා අන් භාෂාවකින් යාච්ඤා කරන විට මාගේ ආධ්‍යාත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහිකල්පනාව ක්‍රියා විරහිත ය. එසේ නම් කුමක් කරම් ද? මම ආධ්‍යාත්මයෙන් යාච්ඤා කරමි; සිහිකල්පනාවෙන් ද යාච්ඤා කරමි; ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහිකල්පනාවෙන් ද තුති ගී ගයමි. ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද? ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත. ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි. එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි. සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
1 කොරින්ති 14:1-20 Sinhala New Revised Version 2018 (SNRV)
ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න. අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක. එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි. අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය. ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය. සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේ ද ප්‍රඥාවේ ද දිවැසි වැකි දෙසීමේ ද අනුශාසනාවේ ද වචනවලින් ඔබට කතා නොකොට, අන් භාෂා කථනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක් ද? එලෙස ම, නළාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම්, ඒවායින් කුමන තාලයක් වාදනය වන්නේ දැ යි හඳුනාගන්නේ කෙසේ ද? යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ. ලෝකයේ විවිධ භාෂා ඇතත්, ඉන් එකක් වත් අර්ථ විරහිත නොවේ. ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය. එසේ ම ඔබත් ආධ්‍යාත්මික කුශලතා අත්කර ගැන්මට උද්‍යෝගිමත් බැවින්, සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණ ව සිටීමට උත්සාහ කරන්න. එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා. මා අන් භාෂාවකින් යාච්ඤා කරන විට මාගේ ආධ්‍යාත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහිකල්පනාව ක්‍රියා විරහිත ය. එසේ නම් කුමක් කරම් ද? මම ආධ්‍යාත්මයෙන් යාච්ඤා කරමි; සිහිකල්පනාවෙන් ද යාච්ඤා කරමි; ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහිකල්පනාවෙන් ද තුති ගී ගයමි. ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද? ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත. ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි. එහෙත් සභාවේ දී අන් භාෂාවකින් ගිණිය නොහැකි වචන සමූහයක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි. සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
1 කොරින්ති 14:1-20 New International Version (NIV)
Follow the way of love and eagerly desire gifts of the Spirit, especially prophecy. For anyone who speaks in a tongue does not speak to people but to God. Indeed, no one understands them; they utter mysteries by the Spirit. But the one who prophesies speaks to people for their strengthening, encouraging and comfort. Anyone who speaks in a tongue edifies themselves, but the one who prophesies edifies the church. I would like every one of you to speak in tongues, but I would rather have you prophesy. The one who prophesies is greater than the one who speaks in tongues, unless someone interprets, so that the church may be edified. Now, brothers and sisters, if I come to you and speak in tongues, what good will I be to you, unless I bring you some revelation or knowledge or prophecy or word of instruction? Even in the case of lifeless things that make sounds, such as the pipe or harp, how will anyone know what tune is being played unless there is a distinction in the notes? Again, if the trumpet does not sound a clear call, who will get ready for battle? So it is with you. Unless you speak intelligible words with your tongue, how will anyone know what you are saying? You will just be speaking into the air. Undoubtedly there are all sorts of languages in the world, yet none of them is without meaning. If then I do not grasp the meaning of what someone is saying, I am a foreigner to the speaker, and the speaker is a foreigner to me. So it is with you. Since you are eager for gifts of the Spirit, try to excel in those that build up the church. For this reason the one who speaks in a tongue should pray that they may interpret what they say. For if I pray in a tongue, my spirit prays, but my mind is unfruitful. So what shall I do? I will pray with my spirit, but I will also pray with my understanding; I will sing with my spirit, but I will also sing with my understanding. Otherwise when you are praising God in the Spirit, how can someone else, who is now put in the position of an inquirer, say “Amen” to your thanksgiving, since they do not know what you are saying? You are giving thanks well enough, but no one else is edified. I thank God that I speak in tongues more than all of you. But in the church I would rather speak five intelligible words to instruct others than ten thousand words in a tongue. Brothers and sisters, stop thinking like children. In regard to evil be infants, but in your thinking be adults.