1 වංශාවලිය 7:6-12

1 වංශාවලිය 7:6-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බෙන්යමින්ගේ පුතුන් තිදෙනා: බෙලා, බෙකෙර් හා යෙදීයයෙල් ය. බෙලාගේ පුත්‍රයෝ: පියවංශවල ප්‍රධානීන් වූ එස්බොන්, උස්සී, උස්සියෙල්, යෙරීමොත් හා ඊරී යන පස්දෙනා ය. ඔවුන්ගේ පරම්පරා ලේඛනයෙහි රණශූරයින් විසිදෙදහස් තිස්හතරක් සිටියහ. බෙකෙර්ගේ පුත්‍රයෝ: සෙමීරා, යෝවාෂ්, එලියේසර්, එල්යෝවේනයි, ඔම්රී, යෙරේමොත්, අබියා, අනාතොත් හා ආලෙමෙත් ය. ඒ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ පරම්පරා ලේඛනයට අනුව පියවංශවල ප්‍රධානීන් ද රණශූරයින් ද විසිදහස් දෙසීයක් වූහ. යෙදීයයෙල්ගේ පුත්‍රයා: බිල්හාන් ය. බිල්හාන්ගේ පුත්‍රයෝ: යෙවූෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, සේතාන්, තර්ෂිෂ් හා අහිෂාහර් ය. යෙදීයයෙල්ගේ ඒ පුතුන් සියල්ලෝ ම පියවංශවල මූලිකයෝ ය. යුද්ධයට යා හැකි රණශූරයින් දාහත්දහස් දෙසීයක් ඔවුන්ට වූහ. ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂීම්, අහේර්ගේ පුත්‍රයා ය.

1 වංශාවලිය 7:6-12 Sinhala Revised Old Version (SROV)

බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, යෙදීයයෙල් යන තුන්දෙනාය. බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උස්සීය, උස්සීයෙල්, යෙරීමොත්, ඊරි යන පස්දෙනාය; ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය; ඔව්හු පෙළපත් වශයෙන් ගණන්කරනලදුව විසිදෙදාස් තිස්හතර දෙනෙක් වූහ. බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: සෙමිරා, යෝවාෂ්, එලියෙසෙර්, එලියෝයේනයි, ඔම්රි, යෙරේමොත්, අබියා, අනතෝත් සහ ආලෙමෙත්ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝය. ඔවුන්ගේ පෙළපත් වශයෙන්, තමුන්ගේ පරම්පරා හැටියට, තමුන්ගේ පියවංශවල ප්‍රධානියෝව සිටි බලවන්ත මනුෂ්‍යයන් විසිදාස් දෙසියයක්ය. යෙදීයයෙල්ගේ පුත්‍රයෝ: බිල්හාන්ය. බිල්හාන්ගේ පුත්‍රයෝ නම්: යෙවුෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර්ය. මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය. ෂුප්පීම්ද හුප්පීම්ද ඊර්ගේ පුත්‍රයෝය. හුෂ්ෂීම් අහෙර්ගේ පුත්‍රයෙක්ය.

1 වංශාවලිය 7:6-12 Sinhala New Revised Version (NRSV)

බෙන්ජමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, ජෙදීයයෙල් යන තුන්දෙනා ය. බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උශ්ශිය, උශ්ශියෙල්, ජෙරිමොත්, ඊරී යන පස්දෙනා ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු පෙළපත් වශයෙන් ගණන් කරන ලදුව විසිදෙදාස් තිස්හතරදෙනෙක් වූ හ. බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: ශෙමිරා, ජෝවාෂ්, එලියෙසර්, එලියෝයේනයි, ඔම්රී, ජෙරිමොත්, අබියා, අනාතොත් සහ ආලෙමෙත් ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ පෙළපත් වශයෙන් තමන්ගේ පරම්පරා හැටියට, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි බලවන්ත මනුෂ්‍යයෝ විසිදාස් දෙසියයක් ය. ජෙදීයයෙල්ගේ පුත්‍රයා නම්: බිල්හන් ය. බිල්හන්ගේ පුත්‍රයෝ නම්: ජෙවුෂ්, බෙන්ජමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර් ය. මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ. ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂිම් අහෙර්ගේ පුත්‍රයෙක් ය.

1 වංශාවලිය 7:6-12 Sinhala New Revised Version 2018 (SNRV)