1 වංශාවලිය 7:6-12

1 වංශාවලිය 7:6-12 SROV

බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, යෙදීයයෙල් යන තුන්දෙනාය. බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උස්සීය, උස්සීයෙල්, යෙරීමොත්, ඊරි යන පස්දෙනාය; ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය; ඔව්හු පෙළපත් වශයෙන් ගණන්කරනලදුව විසිදෙදාස් තිස්හතර දෙනෙක් වූහ. බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: සෙමිරා, යෝවාෂ්, එලියෙසෙර්, එලියෝයේනයි, ඔම්රි, යෙරේමොත්, අබියා, අනතෝත් සහ ආලෙමෙත්ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝය. ඔවුන්ගේ පෙළපත් වශයෙන්, තමුන්ගේ පරම්පරා හැටියට, තමුන්ගේ පියවංශවල ප්‍රධානියෝව සිටි බලවන්ත මනුෂ්‍යයන් විසිදාස් දෙසියයක්ය. යෙදීයයෙල්ගේ පුත්‍රයෝ: බිල්හාන්ය. බිල්හාන්ගේ පුත්‍රයෝ නම්: යෙවුෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර්ය. මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය. ෂුප්පීම්ද හුප්පීම්ද ඊර්ගේ පුත්‍රයෝය. හුෂ්ෂීම් අහෙර්ගේ පුත්‍රයෙක්ය.

මෙයට අදාළ වීඩියෝ