1 වංශාවලිය 29:1-9
1 වංශාවලිය 29:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු දාවිත් රජු මුළු සමූහයාට කතා කොට, “දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ එක ම තැනැත්තා වන මගේ පුත් සාලමොන් තරුණ ය; පලපුරුද්දෙන් අඩු ය. එහෙත් මේ කාරිය අති මහත් ය. මන්ද මේ මාලිගාව මනුෂ්‍යයා සඳහා නො ව දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ය. එහෙයින් මම, මගේ දෙවියන්වහන්සේගේ ගෘහය සඳහා මට හැකි උපරිමයෙන් රන් වැඩට රන්, රිදී වැඩට රිදී, ලෝකඩ වැඩට ලෝකඩ, යකඩ වැඩට යකඩ, ලී වැඩට ලී හා ඔබ්බන පිණිස ගෝමේද, අඤ්ජන, නා නා වර්ණ මැණික්, සියලු ආකාර අනර්ඝ ගල් හා කිරිගරුඬ බොහෝ සේ සූදානම් කළෙමි. තවද මේ ශුද්ධ ගෘහය උදෙසා මා සූදානම් කළ සියල්ලට අමතරව මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට ඇති මගේ ළැදිකම නිසා මම, මගේ ම වස්තුව වන රන් හා රිදී දැන් මගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන්නෙමි: ඕෆීර්හි රත්තරනින් රන් තලෙන්ත තුන්දහසක් හා පිරිපහදු රිදී තලෙන්ත හත්දහසක් ය. ඒ, ගෘහයේ බිත්ති ආලේප කිරීම සඳහා ද රන් වැඩට රන්, රිදී වැඩට රිදී ලෙස ශිල්පීන්ගේ අතින් කළ යුතු සියලු වැඩ ද සඳහා ය. අද දවසේ කැමැත්තෙන් තමන් ම ස්වාමින්වහන්සේට කැප කර ගන්නේ කවුරුන් දැ?” යි ඇසී ය. ඉන්පසු පියවංශ නායකයෝ ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීහු ද දහසේ හා සියයේ සෙන්පතීහු ද රජුගේ සේවා-කටයුතු බාර ව සිටි නිලධාරීහු ද දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ සඳහා රන් තලෙන්ත පන්දහසක් හා රන් දරික් දස දහසක් ද රිදී තලෙන්ත දස දහසක්, ලෝකඩ තලෙන්ත දහඅට දහසක් හා යකඩ තලෙන්ත සිය දහසක් ද දුන්හ. අනර්ඝ ගල් ඇති හැම කෙනෙක් ම ඒවා ගෙර්ෂොනීය යෙහීයෙල්ගේ භාරකාරත්වය යටතේ, ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයට දුන්හ. ඔවුහු ඒවා කැමැත්තෙන් පූජා කළ නිසා ජනයා ප්‍රීති වූහ. මන්ද ඔවුහු ස්වාමින්වහන්සේට එසේ දී තිබුණේ මුළු හදවතින් ම ය. නො මසුරු ව ය. දාවිත් රජු ද මහත් සේ ප්‍රීති වූයේ ය.
1 වංශාවලිය 29:1-9 Sinhala Revised Old Version (SROV)
තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේට ය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි. තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි. එනම් ගෘහවල භිත්ති වසාලන පිණිසද, රන් වැඩවලටත් රිදී වැඩවලටත් කර්මාන්තකාරයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චිකරන පිණිසද, ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය. එවිට පිය වංශවල අධිපතීහුද ඉශ්‍රායෙල් ගෝත්‍රවල අධිපතීහුද සහස්‍රාධිපතීහුද ශතාධිපතීහුද රජුගේ වැඩවල අධිපතීහුද කැමැත්තෙන්ම ඔප්පුකරමින් දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය. අනර්ඝ ගල් ඇත්තෝද ගේර්ෂොනිය යෙහීයෙල් අතින් ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවට දුන්නෝය. සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.
1 වංශාවලිය 29:1-9 Sinhala New Revised Version (NRSV)
දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි. තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි. එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.
1 වංශාවලිය 29:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 29:1-9 New International Version (NIV)
Then King David said to the whole assembly: “My son Solomon, the one whom God has chosen, is young and inexperienced. The task is great, because this palatial structure is not for man but for the LORD God. With all my resources I have provided for the temple of my God—gold for the gold work, silver for the silver, bronze for the bronze, iron for the iron and wood for the wood, as well as onyx for the settings, turquoise, stones of various colors, and all kinds of fine stone and marble—all of these in large quantities. Besides, in my devotion to the temple of my God I now give my personal treasures of gold and silver for the temple of my God, over and above everything I have provided for this holy temple: three thousand talents of gold (gold of Ophir) and seven thousand talents of refined silver, for the overlaying of the walls of the buildings, for the gold work and the silver work, and for all the work to be done by the craftsmen. Now, who is willing to consecrate themselves to the LORD today?” Then the leaders of families, the officers of the tribes of Israel, the commanders of thousands and commanders of hundreds, and the officials in charge of the king’s work gave willingly. They gave toward the work on the temple of God five thousand talents and ten thousand darics of gold, ten thousand talents of silver, eighteen thousand talents of bronze and a hundred thousand talents of iron. Anyone who had precious stones gave them to the treasury of the temple of the LORD in the custody of Jehiel the Gershonite. The people rejoiced at the willing response of their leaders, for they had given freely and wholeheartedly to the LORD. David the king also rejoiced greatly.