1 වංශාවලිය 22:1-5
1 වංශාවලිය 22:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු දාවිත් කතා කොට, “දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය තිබිය යුත්තේ මෙහි ය. ඉශ්‍රායෙල් උදෙසා දවන යාග පූජාසනය ද තිබිය යුත්තේ මෙහි යැ” යි පැවසී ය. මෙසේ දාවිත්, ඉශ්‍රායෙල් දේශයේ වසන විදේශීන් රැස් කරන්නට නියෝග කළේ ය. දෙවියන්වහන්සේගේ ගෘහය ඉදි කරන්නට කැපූ ගල් පිළියෙල කරන්නට ඔහු ඔවුන් අතරෙන් ගල් වඩුවන් පත් කළේ ය. දාවිත්, ද්වාර-දොරටු සඳහා ඇණ හා උපාංග සාදන පිණිස විශාල ප්‍රමාණයක් යකඩ ද කිරන්නට නො හැකි තරම් ලෝකඩ ද සූදානම් කළේ ය. ගණන් නැති තරමට දේවදාර ලී ද සැපයී ය. මන්ද සීදොන් හා තීර් වාසීහු දේවදාර ලී අති මහත් ප්‍රමාණයක් දාවිත් වෙත ගෙනාහ. මන්ද දාවිත් කීවේ, “මා පුත් සාලමොන් තරුණයි; අත්දැකීම් අඩුයි. ස්වාමින්වහන්සේ උදෙසා ඉදිකරනු ලබන ගෘහය සියලු ජාතීන්ගේ ඇස් හමුවේ අතිශය අලංකාරයෙන් හා කීර්තියෙන් යුතු විය යුතුයි. එනිසා මම ඊට කටයුතු සූදානම් කරමි” කියා ය. මෙසේ දාවිත් තම මරණයට පෙර බොහෝ දේ සූදානම් කළේ ය.
1 වංශාවලිය 22:1-5 Sinhala Revised Old Version (SROV)
එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය. තවද දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය. දොරටුවල දොර ඇණ පිණිසත් සන්ධි පිණිසත් දාවිත් යකඩ බොහෝමයක් සූදානම්කෙළේය; ගණන් නැති බොහෝ පිත්තලත් ගණන් නැති කිහිරි ලීත් සූදානම්කෙළේය. මක්නිසාද ශීදොන්වරුද තීර්වරුද කිහිරි ලී බොහෝසෙයින්ම දාවිත් ළඟට ගෙනාවෝය. දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.
1 වංශාවලිය 22:1-5 Sinhala New Revised Version (NRSV)
එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය. තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය. දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය. මන්ද, සීදොන්වරු ද තීර්වරු ද කිහිරි ලී බොහෝ සෙයින් දාවිත් ළඟට ගෙනා හ. එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.
1 වංශාවලිය 22:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

1 වංශාවලිය 22:1-5 New International Version (NIV)
Then David said, “The house of the LORD God is to be here, and also the altar of burnt offering for Israel.” So David gave orders to assemble the foreigners residing in Israel, and from among them he appointed stonecutters to prepare dressed stone for building the house of God. He provided a large amount of iron to make nails for the doors of the gateways and for the fittings, and more bronze than could be weighed. He also provided more cedar logs than could be counted, for the Sidonians and Tyrians had brought large numbers of them to David. David said, “My son Solomon is young and inexperienced, and the house to be built for the LORD should be of great magnificence and fame and splendor in the sight of all the nations. Therefore I will make preparations for it.” So David made extensive preparations before his death.