1 වංශාවලිය 11:22-25

1 වංශාවලිය 11:22-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෙහෝයාදාගේ පුත් බෙනායා, කබ්සෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් විය; ඔහු මහත් ක්‍රියාකාරකම් කරන්නෙක් විය. ඔහු මෝවබ්හි ප්‍රබලතම විරුවන් දෙදෙනකු ගසා හෙළී ය. හිමෙන් වැසුණු දිනෙක ඔහු වළකට බැස, සිංහයකු ද මැරී ය. තවද ඔහු රියන් පහක් උස ඊජිප්තු ජාතිකයකු ගසා හෙළී ය. ඊජිප්තුවාගේ අතේ වියන්නකුගේ දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණ ද බෙනායා ඔහුට එරෙහිව ගියේ මුගුරක් අතැතිව ය. ඊජිප්තුවාගේ අතින් හෙල්ලය පැහැර ගත් ඔහු ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුට ඇන, ඔහු මරා දැම්මේ ය. යෙහෝයාදාගේ පුත් බෙනායාගේ වික්‍රම එබඳු ය. බලවත් රණශූරයින් තිදෙනා සේ ම ඔහුත් නමක් දිනා ගත්තේ ය. තිස්දෙනාගෙන් කවරකුටත් වඩා උසස් වූ ගරුත්වයක් ඔහු දැරූ නමුදු, තුන් දෙනා අතරට ඔහු ඇතුළත් නො විණ. දාවිත් තමාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්‍රධානියා ලෙස ඔහු පත් කළේ ය.

1 වංශාවලිය 11:22-25 Sinhala Revised Old Version (SROV)

බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය. ඔහු පස් රියනක් උස ඇති ලොකු මනුෂ්‍යයෙක්වූ මිසරයෙකුත් මැරීය; මිසරයාගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේය; ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේම හෙල්ලයෙන් ඔහු මරාදැමුවේය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය. ඔහු ඒ තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක් වීය, ඒ නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ගණනට පැමුණුණේ නැත. දාවිත් තමාගේ මුර හමුදාව කෙරෙහි ඔහු පත්කෙළේය.

1 වංශාවලිය 11:22-25 Sinhala New Revised Version (NRSV)

බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය. ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය. ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ වීර ක්‍රියා කොට බලවන්තයන් තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය. ඔහු ඒ තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ කෙනෙක් විය. ඒ නමුත්, ඔහු පළමු වන තුන්දෙනාගේ ගණනට පැමිණියේ නැත. දාවිත් තමාගේ ආරක්ෂක මුර හමුදාව කෙරෙහි ඔහු පත් කෙළේ ය.

1 වංශාවලිය 11:22-25 Sinhala New Revised Version 2018 (SNRV)