1 වංශාවලිය 11:22-25
1 වංශාවලිය 11:22-25 SROV
බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය. ඔහු පස් රියනක් උස ඇති ලොකු මනුෂ්‍යයෙක්වූ මිසරයෙකුත් මැරීය; මිසරයාගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේය; ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේම හෙල්ලයෙන් ඔහු මරාදැමුවේය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය. ඔහු ඒ තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක් වීය, ඒ නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ගණනට පැමුණුණේ නැත. දාවිත් තමාගේ මුර හමුදාව කෙරෙහි ඔහු පත්කෙළේය.

