සෙෆනියා 3:18-20
සෙෆනියා 3:18-20 SCV
“නියමිත මංගල්‍ය පිළිබඳ ශෝක වන්නන් ඔබ වෙතින් මම ඉවත් කරන්නෙමි. ඒවා ඔබට බරකි; අවලාදයකි. ඔබට පීඩා කළ සියල්ලන් සමඟ ඒ දවසේ මම ගණන් බේරන්නෙමි. මම කොරුන් මුදා ගෙන, විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි. එකල්හි මම ඔබ එක් රැස් කරන්නෙමි. එකල්හි මම ඔබ ගෙදර ගෙනෙන්නෙමි. ඔබගේ ඇස් පනා පිට ම මම ඔබේ භාග්‍ය යළි ස්ථාපිත කරන කල, මිහි පිට සියලු ජනයා අතරේ මම ඔබට ගෞරවයත්, ප්‍රශංසාවත් ගෙන දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

