ශෙපනියා 3:18-20
ශෙපනියා 3:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නියමිත මංගල්‍ය පිළිබඳ ශෝක වන්නන් ඔබ වෙතින් මම ඉවත් කරන්නෙමි. ඒවා ඔබට බරකි; අවලාදයකි. ඔබට පීඩා කළ සියල්ලන් සමඟ ඒ දවසේ මම ගණන් බේරන්නෙමි. මම කොරුන් මුදා ගෙන, විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි. එකල්හි මම ඔබ එක් රැස් කරන්නෙමි. එකල්හි මම ඔබ ගෙදර ගෙනෙන්නෙමි. ඔබගේ ඇස් පනා පිට ම මම ඔබේ භාග්‍ය යළි ස්ථාපිත කරන කල, මිහි පිට සියලු ජනයා අතරේ මම ඔබට ගෞරවයත්, ප්‍රශංසාවත් ගෙන දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ශෙපනියා 3:18-20 Sinhala Revised Old Version (SROV)
මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය. ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි. මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුවෙහි නුඹලාගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ශෙපනියා 3:18-20 Sinhala New Revised Version (NRSV)
මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක. ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි. විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
ශෙපනියා 3:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක. ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි. විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
ශෙපනියා 3:18-20 New International Version (NIV)
“I will remove from you all who mourn over the loss of your appointed festivals, which is a burden and reproach for you. At that time I will deal with all who oppressed you. I will rescue the lame; I will gather the exiles. I will give them praise and honor in every land where they have suffered shame. At that time I will gather you; at that time I will bring you home. I will give you honor and praise among all the peoples of the earth when I restore your fortunes before your very eyes,” says the LORD.