ඉන්පසු ඔහු මට පෙන්වූයේ යෝෂුවා උත්තම පූජකයා, ස්වාමින්වහන්සේගේ දූතයා ඉදිරිපිට සිටගෙන සිටිනු හා ඔහුට චෝදනා කරන පිණිස සාතන් දකුණු පසෙහි සිටගෙන සිටින අයුරු ය. එවිට සාතන් ඇමතූ ස්වාමින්වහන්සේ, “සාතන්, ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! මොහු ගින්නෙන් ඉවතට ඇදගත් ගිනි පෙනෙල්ලක් නො වේ දැ?” යි කී සේක. යෝෂුවා, දේව දූතයා අබියස සිටගෙන සිටියේ කිලිටි ඇඳුමින් යුතු ව ය. දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය. ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්‍ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය. එවිට මම, “ඔහුගේ හිසේ ඔවුන් පිරිසිදු තලප්පාවක් බැඳපුදෙන්” යි කීවෙමි. එකල ඔවුහු, ස්වාමින්වහන්සේගේ දූතයා පසෙකින් සිටියදී ඔහුගේ හිසේ පිරිසිදු තලප්පාවක් බැඳ, ඔහුට ඇඳුම් හැඳවූහ. ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා යෝෂුවාට තදින් නියෝග කරමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔබ මගේ මාර්ග අනුගමන කරමින්, මගේ නියමයන් ඉටු කරන්නේ නම්, ඔබ මගේ ගෘහය පාලනය ද මගේ මණ්ඩපවල බාරකාරත්වය ද ඔබට ලැබෙනු ඇත. මේ සිටගෙන සිටින්නවුන් අතරේ මෙහි ළඟා වීමේ වරම ද මම ඔබට දෙන්නෙමි.’ “ ‘දැන් සවන් දෙන්න එම්බා යෝෂුවා උත්තම පූජකය, ඔබත් ඔබ ඉදිරියෙහි හිඳ සිටින ඔබේ සහකාර පූජකයිනුත්; මන්ද ඔවුහු මතු පැමිණෙන්නට ඇති දෑහි සංකේතයෝ ය. මෙන්න! මගේ සේවකයා වූ ශාඛාව මම ගෙනෙන්නෙමි. මෙන්න! යෝෂුවා ඉදිරියේ මා විසින් පිහිටූ ගල. ඒ තනි ගල මත නෙත් හතක් ඇත. මම ඒ මත සටහනක් කැටයම් කරන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ‘තවද මේ දේශයේ අයුතුකම් මම එක ම දවසකදී පහ කරන්නෙමි. “ ‘ඒ දවසේ ඔබ හැම කෙනෙක් ම තම මිදි වැලත්, තම අත්තික්කා ගසත් යට හිඳ ගැනීමට තම අසල්වැසියාට ඇරියුම් කරනු ඇතැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
සෙකරියා 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: සෙකරියා 3:1-10
4 Days
The Word encourages us to resist every enemy - even when our enemy is ourselves - and teaches us to receive Jesus’ victory in our lives.
5 Days
How often do you feel defeated or ashamed in your walk with God? When we realize that God will set the record straight despite any of the enemy’s accusations, we have hope through our trials and a desire to follow Him with grace-infused obedience.
The call for God's covenant people, in Zechariah 9:12, ‘Return to your fortress, you prisoners of hope’, is the key verse for this series. The hope that Zechariah proclaims is hope in God as King, hope that God has come to dwell with us, and hope that the covenant between God and God’s people will be restored. This is the sure hope that holds us captive.
14 Days
Like Haggai, Zechariah prophesies during the post-exilic period as Israel began resettling in the Promised Land. Zechariah encourages Israel to remain faithful and prophesies of a coming righteous King who will bring salvation to His people (Zechariah 9:10). This book reminds us that we too must be to what God has called us to, always hopefully anticipating when God Himself “will be king over all the earth” (Zechariah 14:9).
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ