සෙකරියා 12:8-10
සෙකරියා 12:8-10 SCV
ඒ දවසේ ස්වාමින්වහන්සේ යෙරුසලම් වාසීනට ආරක්ෂාව සලසන සේක. එකල ඔවුන් අතර ඉතාම දුබල අය පවා, දාවිත් වගේ වනු ඇත. දාවිත්ගේ වංශය ද දෙවියන්වහන්සේ මෙන්, ඔවුන්ට පෙරටුවෙන් යන ස්වාමින්වහන්සේගේ දූතයා මෙන් වනු ඇත. ඒ දවසේ මම යෙරුසලමට එරෙහිව එන සියලු ජාතීන් විනාශ කරන්නට බලන්නෙමි. “තවද මම දාවිත් වංශය පිට හා යෙරුසලම් වාසීන් පිට අනුග්‍රහය හා දයාව ඉල්ලා කරන ආයාචනාත්මක ආත්මයක් වගුරු වන්නෙමි. එසේ කරන්නේ ඔවුන් මා දෙස බලන විට, තමන් විසින් ඇන, සිදුරු කරනු ලැබූ තැනැත්තාණන්, තුවාල කරන ලද තැනැත්තාණන් දෙස බලන විට තම එක ම දරුවා ගැන වැලපෙන්නකු සේ ඔවුන් එතුමන් ගැන වැලපෙන පිණිස ය; තම කුලුඳුල් පුත්‍රයා ගැන ශෝකවන්නකු සේ, ඔවුන් එතුමන් ගැන ශෝක වන පිණිස ය.

