සෙකරියා 12:8-10

සෙකරියා 12:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ දවසේ ස්වාමින්වහන්සේ යෙරුසලම් වාසීනට ආරක්ෂාව සලසන සේක. එකල ඔවුන් අතර ඉතාම දුබල අය පවා, දාවිත් වගේ වනු ඇත. දාවිත්ගේ වංශය ද දෙවියන්වහන්සේ මෙන්, ඔවුන්ට පෙරටුවෙන් යන ස්වාමින්වහන්සේගේ දූතයා මෙන් වනු ඇත. ඒ දවසේ මම යෙරුසලමට එරෙහිව එන සියලු ජාතීන් විනාශ කරන්නට බලන්නෙමි. “තවද මම දාවිත් වංශය පිට හා යෙරුසලම් වාසීන් පිට අනුග්‍රහය හා දයාව ඉල්ලා කරන ආයාචනාත්මක ආත්මයක් වගුරු වන්නෙමි. එසේ කරන්නේ ඔවුන් මා දෙස බලන විට, තමන් විසින් ඇන, සිදුරු කරනු ලැබූ තැනැත්තාණන්, තුවාල කරන ලද තැනැත්තාණන් දෙස බලන විට තම එක ම දරුවා ගැන වැලපෙන්නකු සේ ඔවුන් එතුමන් ගැන වැලපෙන පිණිස ය; තම කුලුඳුල් පුත්‍රයා ගැන ශෝකවන්නකු සේ, ඔවුන් එතුමන් ගැන ශෝක වන පිණිස ය.

සෙකරියා 12:8-10 Sinhala Revised Old Version (SROV)

ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දූතයා මෙන් වන්නේය. තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශකරන්ට සොයන්නෙමි. දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.