සෙකරියා 1:1-6

සෙකරියා 1:1-6 SCV

දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ අ‍ට වන මස ස්වාමින්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍ර, බෙරෙකියාගේ පුත්‍ර, දිවැසිවර සෙකරියා වෙත පැමිණියේ ය: “ඔබගේ පියවරුන් කෙරෙහි ස්වාමින්වහන්සේ බෙහෙවින් උරණ ව ඇත. එබැවින්, ඔවුනට මෙසේ පවසන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි: ‘මා වෙත හැරී එන්නැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘එවිට මමත් ඔබ වෙත හැරී එන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ඔබේ පියවරුනට අනුව නො යන්න; පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතමින්, ‘නුඹලාගේ දුෂ්ටකමින් ද දුෂ්ට ක්‍රියාවලින් ද ඉවත හැරෙනු’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේකැයි ඔවුන්ට ප්‍රකාශ කළහ. එහෙත් ඔවුන් මට සවන් දුන්නේවත්, අවධානය යොමු කළේවත් නැතැයි ස්වාමින්වහන්සේ කියන සේක. නුඹලාගේ ඒ පියවරුන් දැන් කොහේ ද? ඒ දිවැසිවරු සැමදා ජීවත්වන්නෝ ද? එහෙත් මගේ මෙහෙකරුවන් වන ඒ දිවැසිවරුනට මා අණ කළ මගේ වචන හා මගේ නියෝග ඔබගේ මුතුන් මිත්තන් පසු පස හඹා ගොස්, ඔවුන් අල්ලා ගත්තේ නැති ද? “එවිට පසුතැවිලි වූ ඔවුහු, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ අප ගැන, අපගේ මාර්ගවලට හා අපගේ ක්‍රියා කලාපයට අනුව අදිටන් කර තිබූ පරිදි අපට කළ සේකැ’ යි” කීහ.

මෙයට අදාළ වීඩියෝ

සෙකරියා 1:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය