සාලමොන්ගේ ගීතය 2:3-7
සාලමොන්ගේ ගීතය 2:3-7 SCV
යෞවනයන් අතර මගේ පෙම්වතා, කැලේ ගස් අතර ඇපල් ගසක් සේ ය. ඔහුගේ සෙවණේ හිඳ සිටීම මට මහත් ආශ්වාදයකි. ඔහුගේ පලය ද රසයෙන් මට මිහිරි ය. මධු-පැන් නිවස වෙත ඔහු මා ගෙන ආවේ ය, මට ඉහළින් ඔහුගේ ධජය ප්‍රේමය ය. වියළි මිදිවලින් මා ප්‍රාණවත් කර, ඇපල්වලින් මා ප්‍රබෝධ කරන්න; මන්ද මම ප්‍රේමයෙන් මුසපත් ව සිටිමි. මගේ හිසට යටින් ඔහුගේ වමත් බාහුව ය. ඔහුගේ දකුණත මා වැලඳ ගනී. එම්බා යෙරුසලමේ දූවරුනි, කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ, නිසි අවස්ථාව එළැඹෙන තෙක්, ප්‍රේමය නො පොලඹවන ලෙසයි; නො පුබුදුවන ලෙසයි.

