එළිදරවු 21
21
අලුත් අහසක් හා අලුත් පොළොවක්
1ඉන්පසු අලුත් අහසක් ද අලුත් පොළොවක් ද#21:1 යෙසා 65;17 මම දුටිමි. මන්ද පළමු අහසත්, පළමු පොළොවත් පහ වී ගොසිනි; මුහුද තවත් නො වී ය. 2තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි. 3එවිට සිංහාසනය වෙතින් මෙසේ කියන උස් කටහඬක් මට ඇසිණි. “මෙන්න! දෙවියන්වහන්සේගේ වාසස්ථානය මිනිසුන් සමඟයි. උන්වහන්සේ ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුන් උන්වහන්සේගේ ජනයා වනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ ලෙස දෙවියන්වහන්සේ ම ඔවුන් සමඟ සිටිනවා ඇත. 4උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු හැම පිසදාලනු ඇත. මින් මතු මරණයක් නැත;#21:4 යෙසා 25;8 ශෝක වීමක්, හැඬීමක්, වේදනාවක් ද මින් මතු නැත. මන්ද පළමු දෑ පහව ගොසිණි.”
5සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේ කතා කරමින්, “මෙන්න! මම හැම දෙයක් ම අලුත් කරන්නෙමි” යි පැවසූ සේක; තවද උන්වහන්සේ, “මෙය ලියන්න, මන්ද මේ වචන විශ්වසනීය ය; සත්‍ය යැ” යි කී සේක.
6උන්වහන්සේ මා ඇමතූ සේක්, “ඒවා නිම කෙරිණ. මම අල්ෆා සහ ඔමෙගා වෙමි; ආරම්භය හා අවසානය වෙමි. පිපාසිතයාට මම ජීවන දිය උල්පතින් නොමිලයේ බොන්නට දෙන්නෙමි. 7ජයගන්නාට මේ උරුමය ලැබේ. මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මගේ පුතණුවන් වනු ඇත. 8එහෙත් බියසුල්ලන්, අවිශ්වාසිකයින්, පිළිකුල්කම් කරන්නන්, මිනී මරුවන්, ලිංගික අපචාරීන්, මන්තර ගුරුකම්කරුවන්, පිළිම රූප වඳින්නන් හා සියලු බොරුකරුවන් යන අයට හිමි තැන, ඇවිළෙන ගෙන්දගමින් යුත් ගිනි විලයි. එය දෙවන මරණය යැ” යි පැවසූ සේක.
බැටළු පැටවාණන්ගේ මනාලිය වන තේජසේ පුරවරය
9ඉන්පසු අවසාන වසංගත හතෙන් පිරි පාත්‍ර හත දැරූ දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් මා වෙත අවුත්, “එන්න; බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” යි මට කීවේ ය. 10ඔහු මහ උස කන්දක් වෙත ආත්මයාණන් තුළ මා ගෙන ගොස්, ශුද්ධ පුරවරය වන යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. 11දෙවියන්වහන්සේගේ තේජසින් හෙබි එහි කාන්තිය ඉතා දුර්ලභ මැණිකක් සේ, පළිඟු මෙන් දිළිසෙන සූර්යකාන්තියක් සේ විය. 12එහි උස් වූ මහා ප්‍රාකාරයක් විය. එය දේව දූතයින් දොළොස් දෙනකුගෙන් යුත් දොරටු දොළොසකින් සමන්විත විය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රවල නාම ඒ දොරටු මත කොටා තිබිණි. 13නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරින් දොරටු තුනක් ද දකුණින් දොරටු තුනක් හා බස්නාහිරින් දොරටු තුනක් ද විය. 14පුර පවුරට අත්තිවාරම් දොළොසකි; ඒ මත බැටළු පැටවාණන්ගේ දොළොස් අපෝස්තුලුවරුන්ගේ නාම දොළොස විය.
15මා හා කතා කළ දේව දූතයාට පුරවරයත්, පුර දොරටු හා පුර පවුරත් මනින පිණිස රන් මිනුම් දණ්ඩක් තිබිණි. 16පුරවරය සමචතුරස්‍රයකි. එහි දිග හා පළල එක සමාන ය. ඔහු මිනුම් දණ්ඩෙන් පුරවරය මැන්නේ ය, එය පර්ලොං දොළොස් දහසකි.#21:16 එනම් කිලෝමීටර් 2,200ක් පමණ එය දිගින්, පළලින් හා උසින් එක සමාන ය. 17ඔහු නගර-පවුර මැන්නේ ය. මිනිස් මිම්මෙන් මෙන් ම දේව දූත මිම්මෙන් එය එකසිය හතළිස්හතර රියනකි.#21:17 එනම් මීටර් 65ක් පමණ 18පුර පවුර සූර්යකාන්ති මැණිකෙන් සැදුම් ලද අතර, පුරවරය වීදුරු මෙන් පැහැදිලි පවිත්‍ර රනින් ය. 19පුර පවුරු අත්තිවාරම් හැම වර්ගයක ම අගනා මැණික් ගලින් සරසා තිබිණි. පළමුවැන්න සූර්යකාන්තියෙනි; දෙවැන්න ඉන්ද්‍රනීලයෙනි. තෙවැන්න අගස්තියෙනි. සිවුවැන්න මරකතයෙනි. 20පස්වැන්න නඛමිණෙනි. සවැන්න ලෝහිතංකයෙනි. සත්වැන්න රන් කාන්තියෙනි. අටවැන්න වෛදූර්යයෙනි. නවවැන්න පුෂ්පරාගයෙනි. දසවැන්න ගෝමේදයෙනි. එකොළොස් වැන්න පද්මරාගයෙනි. දොළොස්වැන්න අඹතේස්තයෙනි. 21පුර දොරටු දොළොස, මුතු දොළොසකි. හැම දොරටුවක් ම තනි මුතුවකින් නිමවා තිබිණි. පුර වීදිය විනිවිද පෙනෙන වීදුරු වැනි පවිත්‍ර රනින් යුතු විණි.
22පුරවරය තුළ දේව මාලිගයක් මා දැක්කේ නැත. මන්ද සියලු බලැති දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හා බැටළු පැටවාණෝ ම එහි දේව මාලිගය ය. 23හිරු හෝ සඳු හෝ බැබළීම ඒ පුරවරයට වුවමනා නො වේ. මන්ද දෙවියන්වහන්සේගේ තේජස ඊට ආලෝකය දෙයි; එහි පහන බැටළු පැටවාණෝ ය. 24ජාතීන් එහි එළියෙහි ඇවිදිනු ඇත. පොළොවේ රජුන් ඔවුන්ගේ යසස එහි ගෙනෙනු ඇත. 25එහි දොරටු දහවලේ කිසි දින වසනු නො ලැබේ. මන්ද එහි රාත්‍රියක් නැත. 26ජාතීන්ගේ තේජසත්, ගෞරවයත් එතුළට ගෙනෙනු ලැබේ. 27අපවිත්‍ර වූ කිසිවක් කිසි කල එහි ඇතුළු වන්නේ නැත. පිළිකුල් වූ, ව්‍යාජ වූ දෑ කරන කිසිවකු එහි ඇතුළු වන්නේ නැත. ඇතුළු වන්නේ, බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියවුණු ඇත්තන් පමණකි.
දැනට තෝරාගෙන ඇත:
එළිදරවු 21: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: