ගීතාවලිය 98:4-9
ගීතාවලිය 98:4-9 SCV
පොළොවේ සකල වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න, සංගීතය මුසු ව ප්‍රීති ගීත නාද නගන්න; ගයන්න ස්වාමින්වහන්සේට වීණා නාදයෙන්, වීණා නාදය සමඟ ගීත රාවයෙන්. කාහලයෙන් හා හොරණෑ නාදයෙන්, රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ජය ඝෝෂා නගන්න. ගර්ජනා කරත්වා! මහ මුහුදත්, එහි ඇති සියල්ලත්, ලෝකයත්, එහි වෙසෙනා සියල්ලොත්. ගංගාවෝ අත්පොළසන් දෙත්වා! කඳු හෙල් එක් ව ප්‍රීතියෙන් ගී ගයත්වා! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එසේ කරත්වා, මන්ද පොළොව විනිශ්චය කිරීමට උන්වහන්සේ එන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කරන සේක්, අපක්ෂපාතීත්වයෙන් ජනයා විනිශ්චය කරන සේක.

