ගීතාවලිය 98:4-9

ගීතාවලිය 98:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පොළොවේ සකල වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න, සංගීතය මුසු ව ප්‍රීති ගීත නාද නගන්න; ගයන්න ස්වාමින්වහන්සේට වීණා නාදයෙන්, වීණා නාදය සමඟ ගීත රාවයෙන්. කාහලයෙන් හා හොරණෑ නාදයෙන්, රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ජය ඝෝෂා නගන්න. ගර්ජනා කරත්වා! මහ මුහුදත්, එහි ඇති සියල්ලත්, ලෝකයත්, එහි වෙසෙනා සියල්ලොත්. ගංගාවෝ අත්පොළසන් දෙත්වා! කඳු හෙල් එක් ව ප්‍රීතියෙන් ගී ගයත්වා! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එසේ කරත්වා, මන්ද පොළොව විනිශ්චය කිරීමට උන්වහන්සේ එන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කරන සේක්, අපක්ෂපාතීත්වයෙන් ජනයා විනිශ්චය කරන සේක.

ගීතාවලිය 98:4-9 Sinhala Revised Old Version (SROV)

පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්. ස්වාමීන්ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්. හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්. මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා; ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා. ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා; හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා; මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.