ගීතාවලිය 90:2-4
ගීතාවලිය 90:2-4 SCV
කඳු උපදින්නටත් පෙර සිට, ඔබ මේ ලෝකය, මේ මහ පොළොව බිහිකරන්නටත් පෙර සිට සදාතනයෙන් සදාතනයට ඔබ දෙවියන්වහන්සේ ය. ඔබ මිනිසුන් යළි දූවිල්ලට හරවා යවන්නේ, “එම්බා මිනිසුනි, ආපසු දූවිල්ලට ම!” කියමිනි. අවුරුදු දහසක්, ඔබගේ ඇස් ඉදිරියේ ගෙවී ගිය ඊයේ දවස වැන්න, රැයේ එක් යාමයක් වැන්න.

