ගීතාවලිය 90:2-4
ගීතාවලිය 90:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කඳු උපදින්නටත් පෙර සිට, ඔබ මේ ලෝකය, මේ මහ පොළොව බිහිකරන්නටත් පෙර සිට සදාතනයෙන් සදාතනයට ඔබ දෙවියන්වහන්සේ ය. ඔබ මිනිසුන් යළි දූවිල්ලට හරවා යවන්නේ, “එම්බා මිනිසුනි, ආපසු දූවිල්ලට ම!” කියමිනි. අවුරුදු දහසක්, ඔබගේ ඇස් ඉදිරියේ ගෙවී ගිය ඊයේ දවස වැන්න, රැයේ එක් යාමයක් වැන්න.
ගීතාවලිය 90:2-4 Sinhala Revised Old Version (SROV)
කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය. ඔබ මනුෂ්‍යයා විනාශයට හරවමින්: මනුෂ්‍ය පුත්‍රයෙනි, හැරී වරෙව්යයි කියනසේක. මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.
ගීතාවලිය 90:2-4 Sinhala New Revised Version (NRSV)
කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළ ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක. ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක. ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
ගීතාවලිය 90:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සකල ලොව ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක. ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක. ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
ගීතාවලිය 90:2-4 New International Version (NIV)
Before the mountains were born or you brought forth the whole world, from everlasting to everlasting you are God. You turn people back to dust, saying, “Return to dust, you mortals.” A thousand years in your sight are like a day that has just gone by, or like a watch in the night.