ගීතාවලිය 90:13-17
ගීතාවලිය 90:13-17 SCV
හැරී ආ මැනව, අහෝ ස්වාමින්වහන්ස, තව කොතෙක් කල් පමාවන සේක් ද? ඔබේ සේවකයනට අනුකම්පා කළ මැනව. අපගේ ජීවිත කාලයේ ප්‍රීතියෙන් ගී ගයමින්, අප ප්‍රමෝද වන පිණිස, උදයෙන් උදය ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් අප සෑහීමට පත් කළ මැනව. බොහෝ වූ දවස්හි ඔබ අපට පීඩා ගෙන දුන් ලෙස, බොහෝ වූ අවුරුදුවල අප විපත්ති විඳි ලෙස, දැන් අපට සොම්නස ගෙන දුන මැනව. ඔබගේ සේවකයින් වන අපට ඔබගේ ක්‍රියා ද අපගේ දූ දරුවනට ඔබගේ මහිමාලංකාරය ද පෙන්වනු ලැබේවා! අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ගේ කරුණාව අප පිට පිහිටා සිටීවා! අපගේ අත්වල වැඩ ස්ථාවර කරනු මැන, සැබවින් ම අප අත්වල වැඩ ස්ථාවර කෙරේවා!

