ගීතාවලිය 90:13-17
ගීතාවලිය 90:13-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හැරී ආ මැනව, අහෝ ස්වාමින්වහන්ස, තව කොතෙක් කල් පමාවන සේක් ද? ඔබේ සේවකයනට අනුකම්පා කළ මැනව. අපගේ ජීවිත කාලයේ ප්‍රීතියෙන් ගී ගයමින්, අප ප්‍රමෝද වන පිණිස, උදයෙන් උදය ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් අප සෑහීමට පත් කළ මැනව. බොහෝ වූ දවස්හි ඔබ අපට පීඩා ගෙන දුන් ලෙස, බොහෝ වූ අවුරුදුවල අප විපත්ති විඳි ලෙස, දැන් අපට සොම්නස ගෙන දුන මැනව. ඔබගේ සේවකයින් වන අපට ඔබගේ ක්‍රියා ද අපගේ දූ දරුවනට ඔබගේ මහිමාලංකාරය ද පෙන්වනු ලැබේවා! අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ගේ කරුණාව අප පිට පිහිටා සිටීවා! අපගේ අත්වල වැඩ ස්ථාවර කරනු මැන, සැබවින් ම අප අත්වල වැඩ ස්ථාවර කෙරේවා!
ගීතාවලිය 90:13-17 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, හැරී අවමැනව; කොපමණ කල්ද? ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණ මැනව. අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව. ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව. ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා. අපේ දෙවිවූ ස්වාමීන්ගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව; එසේය, අපේ අත්වල වැඩ ස්ථිරකළ මැනව.
ගීතාවලිය 90:13-17 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව. උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු. අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව. ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව. අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
ගීතාවලිය 90:13-17 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව. උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු. අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව. ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව. අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
ගීතාවලිය 90:13-17 New International Version (NIV)
Relent, LORD! How long will it be? Have compassion on your servants. Satisfy us in the morning with your unfailing love, that we may sing for joy and be glad all our days. Make us glad for as many days as you have afflicted us, for as many years as we have seen trouble. May your deeds be shown to your servants, your splendor to their children. May the favor of the Lord our God rest on us; establish the work of our hands for us— yes, establish the work of our hands.