ගීතාවලිය 84
84
ගීතාවලිය 84
සංගීත අධ්‍යක්ෂක වෙත. ගිත්තීත්ට#84:0 සංගීතමය යෙදුමක් විය හැක අනුව. කෝරාගේ පුත්‍රයන්ගෙනි. ගීතයකි.
1අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස,
ඔබගේ වාසස්ථානය මොන තරම් අලංකාර ද!
2 ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු ගැන
සිහිසුන් නැති වන තරමේ දැඩි අභිලාෂයකින් මම පෙළෙන්නෙමි;
ජීවමාන දෙවියන්වහන්සේ ගැන
මගේ හදත්, මගේ ගතත් ප්‍රීතියෙන් කෑ ගසයි.
3ගේ කුරුල්ලා පවා තමාට කැදැල්ලකට ද
වැහි ලිහිණිය තම පැටවුනට
කූඩුවකට ද තැනක්
ඔබගේ පූජාසනය ළඟින් සොයාගෙන ඇත,
අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස.
4ඔබගේ ගෘහයේ වාසය කරන්නෝ කොතරම් භාග්‍යවත් ද!
ඔවුහු නිරතුරු ඔබට ප්‍රශංසා කරති. සෙලා
5ඔබවහන්සේ තමන්ගේ ශක්තිය කර ගත්,
ඔබගේ වාසස්ථානය වෙත වන්දනාවේ යෑමට අදිටන් කර ගත් අය භාග්‍යවත් ය.
6ඔවුහු ශුෂ්ක බාකා මිටියාවත ඔස්සේ යන කල,
එය දිය උල්පත් ඇති තැනක් කර ගනිති.
ශරත් කාල වර්ෂාව ද දිය කඩිතිවලින් එය පුරවන්නේ ය.
7සියොනෙහි දෙවියන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට
ඔවුහු ශක්තියෙන් ශක්තියට ම යති.
8ඇසුව මැනව මගේ යාච්ඤාව අහෝ ස්වාමින්වහන්ස, සේනාංකාධිපති දෙවියන්වහන්ස,
සවන් දුන මැනව මට, අහෝ යාකොබ්ගේ දෙවියන්වහන්ස. සෙලා
9බැලුව මැනව අප පලිහ#84:9 පලිහ හෙවත් රජු දෙස, අහෝ දෙවියන්වහන්ස,
මනාපයෙන් බැලුව මැනව ඔබගේ අභිෂේක ලද්දාණන් දෙස.
10ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව,
දවස් දාහකටත් වඩා අගේ ය;
දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා,
මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි.
11 ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සූර්යයෙක් ය; පලිහක් ය;
අනුග්‍රහයත්, ගෞරවයත් ප්‍රදාන කරන ස්වාමින්වහන්සේ,
නිර්දෝෂී ව කටයුතු කරන්නන්ගෙන්
කිසි හොඳක් නො වළක්වන සේක.
12අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස,
ඔබවහන්සේ තුළ විශ්වාසය තබන මිනිසා, භාග්‍යවත් ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 84: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: