ගීතාවලිය 83
83
ගීතාවලිය 83
ගීයකි. ආසාෆ්ගේ ගීතයකි.
1අහෝ දෙවියන්වහන්ස, නිහඬ ව නො සිටිය මැනව;
කතා නො කර නො සිටිය මැනව.
අහෝ දෙවියන්වහන්ස, නිසසල ව නො සිටිය මැනව.
2අන්න බලන්න, ඔබගේ සතුරන් කලබල කරන හැටි!
ඔබගේ එදිරිවාදීන් ඔවුන්ගේ හිස් ඔසවන හැටි!
3ඔබගේ ජනයාට එරෙහිව, ඔවුහු ප්‍රයෝගයෙන් කුමන්ත්‍රණ කරති;
ඔබ රැක බලා ගන්නාවුන්ට එරෙහිව කූට උපා යොදති.
4“එමු, ඒ මුළු ජාතිය ම විනාශ කර දමමු,
ඉශ්‍රායෙල් යන නාමය මතු සිහි නැති වන්නට සලසමු” යි ඔවුහු කියති.
5ඔවුහු ඒකමතික ව, එක් ව කුමන්ත්‍රණ කරති;
ඔබට එරෙහිව ඔවුහු සන්ධානයක් පිහිටුවා ගනිති.
6ඔවුහු නම්, ඒදොම් කූඩාරම් වාසී ජනයා, ඉෂ්මායෙල්වරු,
මෝවබ්වරු හා හග්රීවරු,
7ගෙබාල්, අම්මොන් හා අමලෙක්වරු,
පිලිස්තියානුවෝ හා තීර්වාසිහු ය.
8අසිරියානුවෝ ද ඔවුන් හා එක්වූවෝ,
ලොත් පුත්‍රයන්ගේ පරපුරේ ශක්තිය බලවත් කළෝ ය. සෙලා
9ඔබ මිදියන්වරුන්ට කළ පරිදි,
සීසෙරාට හා කීෂොන් ගඟ ළඟදී යාබීන්ට කළ පරිදි ඔවුන්ටත් කළ මැනව.
10ඔවුහු ඒන්-දෝර්හි දී විනාශයට පත් ව,
පොළොව මතු පිට ම කුණු වී ගියහ.
11ඔවුන්ගේ ජන නායකයන් ඔරේබ් හා සෙයේබ් මෙන් වන්නට සැලසුව මැනව;
ඔවුන්ගේ සියලු අධිපතීන් සෙබා හා සල්මුන්නා මෙන් වන්නට සැලසුව මැනව.
12“දෙවියන්වහන්සේට අයිති සාර භූමි
අපි අත්පත් කර ගනිමු” යි කීවෝ ඔවුහු ය.
13අහෝ මගේ දෙවියන්වහන්ස, ඔවුන් බොල් වී මෙන්,
සුළඟ හමුවේ පරඬැල් මෙන් වන්නට සැලසුව මැනව.
14ගින්න, වනාන්තරය දවා දමන්නා සේ,
ගිනි දැල්ලක්, කඳුකරය ම අවුළා දමන්නා සේ,
15ඔබේ චණ්ඩ මාරුතයෙන් ඔවුන් පසු පස ලුහුබැන්ද මැනව,
ඔබේ කුණාටුවෙන් ඔවුන් භය ගැන්වුව මැනව.
16ඔවුන් ඔබේ නාමයේ සරණ සොයන තෙක් ම,
ඔවුන්ගේ මුහුණු නින්දා පිට නින්දාවෙන් වැසුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.
17ඔවුහු නිති ලජ්ජාවටත්, කැලඹීමටත් පත් වෙත්වා!
ඔවුහු නින්දා සහගත ව වැනසී යත්වා!
18සමස්ත මහ පොළොවට මහෝත්තමයාණෝ ස්වාමින්වහන්සේ යන නාමය
ඇති ඔබ පමණක් වග ඔවුන්ට දැනගන්නට සැලසුව මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 83: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.