ගීතාවලිය 81:1-16

ගීතාවලිය 81:1-16 SCV

අපේ ශක්තිය වන දෙවියන්වහන්සේට ප්‍රීතියෙන් ගයන්න; යාකොබ්ගේ දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න. වාදනය අරඹන්න; කිකිණි රබාන වයන්න, මධුර වීණාවත්, මහා වීණාවත් වයන්න. හඬවන්න හොරණෑව, නව සඳ දවසේ හා අපගේ උත්සව දවස වන පුර සඳ දවසේ. මන්ද මෙය ඉශ්‍රායෙල්ට නියෝගයකි; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නියමයකි. යෝසෙප්ට පනතක් කොට, උන්වහන්සේ එය ස්ථාපිත කළේ, උන්වහන්සේ ඊජිප්තුවට එරෙහිව ගිය අවස්ථාවේ ය. අපට නො වැටහෙන භාෂාවක් අප ඇසූ කාලයේ ය: මම ඔවුන්ගේ කරින්, බර ඉවත් කළෙමි; කූඩා ඇදීමෙන්, ඔවුන්ගේ අත් නිදහස් කළෙමි. විපත්තියේදී නුඹලා හඬ ගැසූහ, මම නුඹලා මුදා ගතිමි; මේඝ වලාවක සිට මම නුඹලාට පිළිතුරු දුන්නෙමි; මෙරීබාහි ජලය ළඟදී මම නුඹලා පරීක්ෂා කළෙමි. සෙලා මේ අහන්න, එම්බා මගේ ජනයිනි, මම ඔබට අවවාද කරමි. එම්බා ඉශ්‍රායෙල්, නුඹලා මට සවන් දුන්නොත් හොඳ ය. ඔබ අතරේ වෙනත් දෙවියකු නො සිටිය යුතු ය; විදේශීය දෙවියකුට ඔබ වැඳ නමස්කාර නො කළ යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය; ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආවේ මම ය; ඔබගේ මුව සපුරා විවර කරන්න; මම එය පුරවන්නෙමි. එහෙත් මගේ ජනයා, මට සවන් දෙන්නේ නැත; ඉශ්‍රායෙල් ජනයා මට අවනත වන්නේ නැත. එබැවින්, ඔවුන්ගේ ම චේතනාවන්ට අනුව හැසිරෙන පිණිස ඔවුන්ගේ මුරණ්ඩු හදවත්වලට මම ඔවුන් භාර දුනිමි. අහෝ, මගේ ජනයා මට සවන් දෙන්නේ නම්, ඉශ්‍රායෙල් ජනයා මගේ මාර්ග අනුගමන කරන්නේ නම්, කොපමණ විගසින් මම ඔවුන්ගේ සතුරන් යටත් කරන්නෙම් ද! ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙම් ද! ස්වාමින්වහන්සේට වෛරවන්නෝ, උන්වහන්සේ අබියස බියෙන් හැකිළෙනු ඇත; ඔවුන්ගේ දඬුවම සදහට ම පවතිනු ඇත. එහෙත් ඔබ, ඉතාම අනගි ධාන්‍යයෙන් පෝෂ්‍ය කෙරේ; පර්වතයෙන් ගත් මී පැණියෙන් ඔබ තෘප්තිමත් කරන්නෙමි.

ගීතාවලිය 81:1-16 සඳහා වීඩියෝව

ගීතාවලිය 81:1-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය