ගීතාවලිය 81:1-16
ගීතාවලිය 81:1-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපේ ශක්තිය වන දෙවියන්වහන්සේට ප්‍රීතියෙන් ගයන්න; යාකොබ්ගේ දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න. වාදනය අරඹන්න; කිකිණි රබාන වයන්න, මධුර වීණාවත්, මහා වීණාවත් වයන්න. හඬවන්න හොරණෑව, නව සඳ දවසේ හා අපගේ උත්සව දවස වන පුර සඳ දවසේ. මන්ද මෙය ඉශ්‍රායෙල්ට නියෝගයකි; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නියමයකි. යෝසෙප්ට පනතක් කොට, උන්වහන්සේ එය ස්ථාපිත කළේ, උන්වහන්සේ ඊජිප්තුවට එරෙහිව ගිය අවස්ථාවේ ය. අපට නො වැටහෙන භාෂාවක් අප ඇසූ කාලයේ ය: මම ඔවුන්ගේ කරින්, බර ඉවත් කළෙමි; කූඩා ඇදීමෙන්, ඔවුන්ගේ අත් නිදහස් කළෙමි. විපත්තියේදී නුඹලා හඬ ගැසූහ, මම නුඹලා මුදා ගතිමි; මේඝ වලාවක සිට මම නුඹලාට පිළිතුරු දුන්නෙමි; මෙරීබාහි ජලය ළඟදී මම නුඹලා පරීක්ෂා කළෙමි. සෙලා මේ අහන්න, එම්බා මගේ ජනයිනි, මම ඔබට අවවාද කරමි. එම්බා ඉශ්‍රායෙල්, නුඹලා මට සවන් දුන්නොත් හොඳ ය. ඔබ අතරේ වෙනත් දෙවියකු නො සිටිය යුතු ය; විදේශීය දෙවියකුට ඔබ වැඳ නමස්කාර නො කළ යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය; ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආවේ මම ය; ඔබගේ මුව සපුරා විවර කරන්න; මම එය පුරවන්නෙමි. එහෙත් මගේ ජනයා, මට සවන් දෙන්නේ නැත; ඉශ්‍රායෙල් ජනයා මට අවනත වන්නේ නැත. එබැවින්, ඔවුන්ගේ ම චේතනාවන්ට අනුව හැසිරෙන පිණිස ඔවුන්ගේ මුරණ්ඩු හදවත්වලට මම ඔවුන් භාර දුනිමි. අහෝ, මගේ ජනයා මට සවන් දෙන්නේ නම්, ඉශ්‍රායෙල් ජනයා මගේ මාර්ග අනුගමන කරන්නේ නම්, කොපමණ විගසින් මම ඔවුන්ගේ සතුරන් යටත් කරන්නෙම් ද! ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙම් ද! ස්වාමින්වහන්සේට වෛරවන්නෝ, උන්වහන්සේ අබියස බියෙන් හැකිළෙනු ඇත; ඔවුන්ගේ දඬුවම සදහට ම පවතිනු ඇත. එහෙත් ඔබ, ඉතාම අනගි ධාන්‍යයෙන් පෝෂ්‍ය කෙරේ; පර්වතයෙන් ගත් මී පැණියෙන් ඔබ තෘප්තිමත් කරන්නෙමි.
ගීතාවලිය 81:1-16 Sinhala Revised Old Version (SROV)
අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්. ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්. අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්. මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය. මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක. ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුණේය. විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී නුඹට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී නුඹ පරීක්ෂා කෙළෙමි. මාගේ සෙනඟෙනි, අසව්, මම නුඹලාට සාක්ෂිදෙන්නෙමි; අහෝ, ඉශ්‍රායෙල්, මට ඇහුම්කන් දෙන්නෙහි නම් යහපත! නුඹ වෙත අන් දෙවියෙක් නොවේවා; විදේශි දෙවියෙකුටද නමස්කාර නොකරව. මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. නුඹේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි. එහෙත් මාගේ සෙනඟ මාගේ ශබ්දය නොඇසූය; ඉශ්‍රායෙල්ද මට කිසි සැලකිල්ලක් නොකළෝය. එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි. අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත! එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනයකරන්නෙමි, ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි. ස්වාමීන්ට වෛරවන්නෝ උන්වහන්සේට යටත්වන්නෝය. නුමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය. උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම නුඹ තෘප්තියට පමුණුවන්නෙමි.
ගීතාවලිය 81:1-16 Sinhala New Revised Version (NRSV)
අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න. ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න. අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න. එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය. ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි: “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි. විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි. අහෝ මාගේ සෙනඟෙනි! මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න; අහෝ ඉශ්රායෙල්වරුනි! ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද? ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය. මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි. එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය. ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ. ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය. මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද? එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි. සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය. එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක. වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”
ගීතාවලිය 81:1-16 Sinhala New Revised Version 2018 (SNRV)
අපේ ශක්තිය වන දෙවියන් වහන්සේට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න. ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න. අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න. එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය. ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි: “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි. විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි. අහෝ මාගේ සෙනඟෙනි! මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න; අහෝ ඉශ්රායෙල්වරුනි! ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද? ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය. මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි. එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය. ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ. ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය. මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද? එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි. සමිඳුන් හට වෛර කරන්නෝ එතුමාණෝ අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය. එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක. වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”
ගීතාවලිය 81:1-16 New International Version (NIV)
Sing for joy to God our strength; shout aloud to the God of Jacob! Begin the music, strike the timbrel, play the melodious harp and lyre. Sound the ram’s horn at the New Moon, and when the moon is full, on the day of our festival; this is a decree for Israel, an ordinance of the God of Jacob. When God went out against Egypt, he established it as a statute for Joseph. I heard an unknown voice say: “I removed the burden from their shoulders; their hands were set free from the basket. In your distress you called and I rescued you, I answered you out of a thundercloud; I tested you at the waters of Meribah. Hear me, my people, and I will warn you— if you would only listen to me, Israel! You shall have no foreign god among you; you shall not worship any god other than me. I am the LORD your God, who brought you up out of Egypt. Open wide your mouth and I will fill it. “But my people would not listen to me; Israel would not submit to me. So I gave them over to their stubborn hearts to follow their own devices. “If my people would only listen to me, if Israel would only follow my ways, how quickly I would subdue their enemies and turn my hand against their foes! Those who hate the LORD would cringe before him, and their punishment would last forever. But you would be fed with the finest of wheat; with honey from the rock I would satisfy you.”