ගීතාවලිය 80:1-3
ගීතාවලිය 80:1-3 SCV
සවන් දුන මැනවි අපට, ඉශ්‍රායෙල්ගේ එඬේරාණනි, බැටළු රැළකට සේ යෝසෙප්ට මගපෙන්වන්නාණනි; කෙරුබිම් අතරේ සිංහාසනාරූඪ ව සිටින්නාණනි, බැබළුව මැනව. එප්‍රායිම් ද බෙන්යමින් ද මනස්සේ ද ඉදිරියේ ඔබගේ පරාක්‍රමය පුබුදුකර, පැමිණ, අප ගැලෙවුව මැනව. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.

