ගීතාවලිය 78:17-22
ගීතාවලිය 78:17-22 SCV
එහෙත් ඔවුහු උන්වහන්සේට එරෙහිව දිගින් දිගට ම පව් කළෝ, වියළි පාළුකරයේදී මහෝත්තමයාණන්ට එරෙහිව කැරලි ගැසුවෝ ය. ඔවුහු තමන් ගිජු වූ ආහාර ඉල්ලා, හිතා-මතා ම දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝ ය. ඔවුහු දෙවියන්වහන්සේට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ රස බොජුන් සපයා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ද? වතුර ගලා හැලෙන්නට උන්වහන්සේ පර්වතයට ගැසූ කල, ජලය ප්‍රවාහයක් ගලා ගිය ද, එලෙස අපට අහර දෙන්නටත් උන්වහන්සේට පුළුවන් ද? ස්වකීය ජනයාට උන්වහන්සේ මස් සපයා දෙන සේක් දැ?” යි කීවෝ ය. ස්වාමින්වහන්සේ ඒ ඇසූ කල, තදින් ම කෝප වූ සේක; යාකොබ් වංශයට එරෙහිව උන්වහන්සේගේ ගින්න ඇවුළුණේ ය; ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව උන්වහන්සේගේ උදහස ඇවුළුණේ ය. මන්ද, ඔවුන් දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබුවේවත්, උන්වහන්සේගෙන් ලැබෙන මිදීම ගැන විශ්වාස කළේවත්, නැති බැවිනි.

