ගීතාවලිය 76

76
ගීතාවලිය 76
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත වාද්‍ය භාණ්ඩ සමඟ. ආසාෆ්ගේ ගීතයකි. ගීයකි.
1දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධ ය;
උන්වහන්සේගේ නාමය ඉශ්‍රායෙල්හි උතුම් ය.
2උන්වහන්සේගේ කූඩාරම සාලෙම්හි ය,
උන්වහන්සේගේ නිවස්නය සියොනෙහි ය.
3එහිදී උන්වහන්සේ ගිනිමය සතුරු හී ද
පලිහ හා කඩුපත් යන යුද්ධ අවි ද බිඳ දැමූ සේක. සෙලා
4ඔබවහන්සේ ආලෝකයෙන් දිදුලන සේක්,
සදාතන කඳුවලට#76:4 සදාතන කඳුවලට හෝ කොල්ලය ගන්නා කඳුවලට වඩා මහානුභාසම්පන්න ය.
5සතුරු රණශූරයෝ කොල්ලකෑමට ලක් වූවෝ,
අවසන් නින්දට වැටී සිටිති;
එම ශූර වීරයින් එකකුට හෝ
තම අත ඔසවාගන්නටවත් බැරි ය.
6අහෝ යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබේ තරවටුවට
අශ්වයා ද අශ්ව-රථ ද ගල් ගැසී නැවතිණ.
7එහෙත් භය විය යුත්තේ ඔබට පමණ ය.
ඔබ කෝප වූ කල, ඔබ ඉදිරියේ සිටගත හැක්කේ කවරකුට ද?
8ඔබ ස්වර්ගයේ සිට විනිශ්චය ප්‍රකාශ කරන සේක;
පොළොව එවිට භය වී, නිශ්ශබ්ද වන්නේ,
9දේශයේ සියලු පීඩිතයින් ගලවනු පිණිස,
දෙවියන්වහන්සේ විනිශ්චය සඳහා නැගී සිටින විටදී ය. සෙලා
10මිනිසාගේ උදහස පවා, ඔබවහන්සේට ප්‍රශංසා නංවයි,
ඔබගේ උදහසින් ගැලවුණු අය බඳ පටියක් සේ ඔබ වටා එතෙති.
11ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට බාර-හාර වී, ඒවා ඉෂ්ට කරන්න;
භය පක්ෂපාත විය යුතු තැනැන්වහන්සේට
අසල්වාසී සියලු රටවල් තෑගි-බෝග ගෙනෙත්වා!
12උන්වහන්සේ පාලකයින්ගේ මහන්තත්වය බිඳින සේක;
පොළොවේ රජුන් භය විය යුතු උන්වහන්සේට ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 76: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න