ගීතාවලිය 70
70
ගීතාවලිය 70
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගෙනි. සිහි කරවීමේ යැදුමකි.
1ඉක්මන් වුව මැන මා ගලවන්නට අහෝ දෙවියන්වහන්ස,
කඩිනමින් ආ මැනව මගේ උපකාරයට, ස්වාමින්වහන්ස.
2මගේ ජීවිතය නැසීමට සොයන සියල්ලෝ
ලජ්ජාවටත් වියවුලටත් පත් වෙත්වා!
මගේ විනාශය ප්‍රාර්ථනා කරන සියල්ලෝ
නින්දාවෙන් ආපසු හරවනු ලබත්වා!
3“ඔහෝ! ඔහෝ!” කියමින් මට සමච්චල් කරන්නෝ
තමන්ගේ ලජ්ජාවේදී ආපසු හරවනු ලබත්වා!
4එහෙත් ඔබගේ සරණය සොයන්නෝ
ඔබ තුළ ප්‍රීති වෙත්වා! ප්‍රමෝද වෙත්වා!
ඔබගෙන් ලැබෙන ගැලවීමට ප්‍රේමවන්නෝ,
“දෙවියන්වහන්සේ උත්කෘෂ්ට යැ” යි නිරතුරු ව කියත්වා!
5එනමුදු මම දුගියෙක්මි; දුප්පතෙක්මි;
විගසින් ආ මැනව මා වෙත, අහෝ දෙවියන්වහන්ස.
මගේ උපකාරය ද මගේ ගැලවුම්කරුවාණෝ ද ඔබ ය.
පමා නූව මැනව අහෝ ස්වාමින්වහන්ස.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 70: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.