ගීතාවලිය 69:13-18

ගීතාවලිය 69:13-18 SCV

ඔබගේ ප්‍රසාදය ඇති කල, අහෝ ස්වාමින්වහන්ස, මම ඔබට යාච්ඤා කරන්නෙමි; ඔබගේ අපරිමිත ප්‍රේමයෙන් අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ගැලවීමෙන් මට පිළිතුරු දුන මැනව. මා ගිලාබසින්නට ඉඩ නො දී, මේ මඩ ගොහොරුවෙන් මා මුදා ගත මැනව; මට වෛර ව සිටින්නන් අතින්, මේ ගැඹුරු ජල කඳ වෙතින් මා මිදුව මැනව. මා වෙළාගන්නට ජල ධාරාවනට ඉඩ නුදුන මැනව, මා ගිලගන්නට මේ ගැඹුරට හෝ කට ඇර මා වසා ගන්නට නරාවළට හෝ ඉඩ නො හැරිය මැනව. ඔබගේ නොමියෙන පෙමෙහි අනගිතාවෙන් මට පිළිතුරු දුන මැන අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ඉමහත් දයාවෙන් මා වෙත හැරුණ මැනව. ඔබගේ මුහුණ ඔබගේ සේවකයා වෙතින් සඟවා නො ගත මැනව; මා විපතට පත් ව සිටින නිසා වහා පිළිතුරු දුන මැනව. මා ළඟට එනු මැනව; මා ගලවාගත මැනව. මගේ එදිරිවාදීන් නිසා මා බේරාගත මැනව.