ගීතාවලිය 69:13-18
ගීතාවලිය 69:13-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ප්‍රසාදය ඇති කල, අහෝ ස්වාමින්වහන්ස, මම ඔබට යාච්ඤා කරන්නෙමි; ඔබගේ අපරිමිත ප්‍රේමයෙන් අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ගැලවීමෙන් මට පිළිතුරු දුන මැනව. මා ගිලාබසින්නට ඉඩ නො දී, මේ මඩ ගොහොරුවෙන් මා මුදා ගත මැනව; මට වෛර ව සිටින්නන් අතින්, මේ ගැඹුරු ජල කඳ වෙතින් මා මිදුව මැනව. මා වෙළාගන්නට ජල ධාරාවනට ඉඩ නුදුන මැනව, මා ගිලගන්නට මේ ගැඹුරට හෝ කට ඇර මා වසා ගන්නට නරාවළට හෝ ඉඩ නො හැරිය මැනව. ඔබගේ නොමියෙන පෙමෙහි අනගිතාවෙන් මට පිළිතුරු දුන මැන අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ඉමහත් දයාවෙන් මා වෙත හැරුණ මැනව. ඔබගේ මුහුණ ඔබගේ සේවකයා වෙතින් සඟවා නො ගත මැනව; මා විපතට පත් ව සිටින නිසා වහා පිළිතුරු දුන මැනව. මා ළඟට එනු මැනව; මා ගලවාගත මැනව. මගේ එදිරිවාදීන් නිසා මා බේරාගත මැනව.
ගීතාවලිය 69:13-18 Sinhala Revised Old Version (SROV)
එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව. ගිලීයන්ට නොදී මා මඩෙන් ගොඩ ගත මැනව. මට වෛරවෙන්නන්ගෙන්ද ගැඹුරු ජලයෙන්ද ගැළවෙම්වා. ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා; වළද මා රැගෙන කට පියා නොගනීවා. ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව. ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; ඉක්මනින් මට උත්තරදුන මැනව. මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව. මාගේ සතුරන් නිසා මා නිදහස්කළ මැනව.
ගීතාවලිය 69:13-18 Sinhala New Revised Version (NRSV)
එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව! මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව! මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව! රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා! සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව! ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව! මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!
ගීතාවලිය 69:13-18 Sinhala New Revised Version 2018 (SNRV)

ගීතාවලිය 69:13-18 New International Version (NIV)
But I pray to you, LORD, in the time of your favor; in your great love, O God, answer me with your sure salvation. Rescue me from the mire, do not let me sink; deliver me from those who hate me, from the deep waters. Do not let the floodwaters engulf me or the depths swallow me up or the pit close its mouth over me. Answer me, LORD, out of the goodness of your love; in your great mercy turn to me. Do not hide your face from your servant; answer me quickly, for I am in trouble. Come near and rescue me; deliver me because of my foes.